ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලදී කුඩා මැටි පාත‍්‍රයක් ඇතුලේ රන් මංජුසාවක තැන්පත් කර තිබූ රන් පත‍්‍ර දෙකක් හමුවූ බවත් බොහෝ විට එවැනි මංජුසාවල ධාතුන් වහන්සේලා ඇති බවත් මේ මංජුසා විවෘත නොකළ බවත් පුරා විද්‍යා නිලධරයෝ කියති.
මහා වන මැද පිහිටි නීලගිරි සෑයේ දකුණු දිසාවේ ගර්භය දෙසට කැනීම් කරද්දී මෙම මංජුසාව හමුවී ඇත. ඉතිහාසයේ මේ සෑය හඳුන්වනුයේ උත්තර සීවලී පබ්බත විහාරය නමිනි.
ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී භාතිකාභය රජුගේ බිසොවක වන චූලසිව රැජිණ විහාරයට කළ පරීත්‍යාග ගැන කියැවෙන සෙල් ලිපියක්ද සොයාගෙන ඇත. නීලගිරි සෑය කැණීම්වලදී මැටි පබළු, කාසි පබළු, පළිඟු පබළු, පළිඟුවලින් කළ කුඩා කරඬු අටක්, පැරැණි කාසි සහ ගලින් කරන ලද ස්ථූප ආකෘතියක් හමුවී තිබේ.
ගරා වැටුණු නීලගිරි සෑයේ උස අඩි 72කි. වට ප‍්‍රමාණය අඩි 629කි. ක‍්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේදී මේ සෑය ප‍්‍රතිසංස්කරණය කළ බවට ද සාධක ලැබී ඇත. තිස්සමහාරාමයේ සඳගිරි සෑයේ ගඩොල්වලට සමාන ගඩොල් ද සලපතළ මළුව අනුරාධපුර මුල්යුගයේ නිර්මාණවලට සමාන බව ද කැනීම් කළ නිලධරයන්ගේ අදහසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ව්‍යාපෘතියට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතා සහ ලේකම්වරිය දැඩි උනන්දුවකින් කටයුතු කරති.
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ උපදෙස් අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා හා ස්ථානභාර නිලධාරි සම්පත් ගරුසිංහ, පුරාවිද්‍යා පරයේෂණ නිලධාරි පාලිත අත්තානයක සහ කේ.ඒ.පී. වනසිංහ සහ කැණීම් කෞතුකාගාර සහකාර එච්.එම්. රත්නවීර මහත්වරු වැඩබිම බාරව සිටිති.






1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ පැරැණි තාක්ෂණ උපක්‍රමය. මෙහෙම තමයි ගල්කනු හදන්නේ ගල්වෙන් කරන්නේ මේ හිල් ඇතුළට බෙහෙත් වර්ග දාලා තිබ්බහම ගල වෙන්වෙනවා. මේ වගේ ක්‍රම අපට බටහිරින් ඉගෙන ගන්න වෙලා.
ධාතුන් වහන්සේලා වන්දානා කළොත් හොඳ යැයි සිතෙනවා. එය රටට ආශිර්වාදයක් වේවි.
අහන්න ආස පුවතක්. ඊට සම්බන්ධ අය ගැන මට හරි ආඩම්බරයි.
අපේ විස්මිත අතීත උරුමය මුදලට පාවා නොදීම අපේ වග කීමයි.
මේවගේ දේ දැන ගැනීම හරිම සතුටක්
අපේ ඉතිහාසය ගැන බොහොම ආඩම්බරයි. මේ දේවල් හොඳින් රකින්න ඕනෑ. ගස් කපන්නේ නැතිව.