IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලාහුගල වන මැදින් ඉපැරැණි නටඹුන්

ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලදී කුඩා මැටි පාත‍්‍රයක් ඇතුලේ රන් මංජුසාවක තැන්පත් කර තිබූ රන් පත‍්‍ර දෙකක් හමුවූ බවත් බොහෝ විට එවැනි මංජුසාවල ධාතුන් වහන්සේලා ඇති බවත් මේ මංජුසා විවෘත නොකළ බවත් පුරා විද්‍යා නිලධරයෝ කියති. මහා වන මැද පිහිටි නීලගිරි සෑයේ දකුණු දිසාවේ ගර්භය දෙසට කැනීම් කරද්දී මෙම මංජුසාව හමුවී ඇත. ඉතිහාසයේ මේ සෑය හඳුන්වනුයේ උත්තර සීවලී පබ්බත විහාරය නමිනි. ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී භාතිකාභය රජුගේ බිසොවක වන චූලසිව රැජිණ විහාරයට කළ පරීත්‍යාග ගැන කියැවෙන සෙල් ලිපියක්ද සොයාගෙන ඇත. නීලගිරි සෑය කැණීම්වලදී මැටි පබළු, කාසි පබළු, පළිඟු  පබළු, පළිඟුවලින් කළ කුඩා කරඬු අටක්, පැරැණි කාසි සහ ගලින් කරන ලද ස්ථූප ආකෘතියක් හමුවී තිබේ. ගරා වැටුණු නීලගිරි සෑයේ උස අඩි 72කි. වට ප‍්‍රමාණය අඩි 629කි. ක‍්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේදී මේ සෑය ප‍්‍රතිසංස්කරණය කළ බවට ද සාධක ලැබී ඇත. තිස්සමහාරාමයේ සඳගිරි සෑයේ ගඩොල්වලට සමාන ගඩොල් ද සලපතළ මළුව අනුරාධපුර මුල්යුගයේ නිර්මාණවලට සමාන බව ද කැනීම් කළ නිලධරයන්ගේ අදහසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ව්‍යාපෘතියට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතා සහ ලේකම්වරිය දැඩි උනන්දුවකින් කටයුතු කරති. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ උපදෙස් අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා හා ස්ථානභාර නිලධාරි සම්පත් ගරුසිංහ, පුරාවිද්‍යා පරයේෂණ නිලධාරි පාලිත අත්තානයක සහ කේ.ඒ.පී. වනසිංහ සහ කැණීම් කෞතුකාගාර සහකාර එච්.එම්. රත්නවීර මහත්වරු වැඩබිම බාරව සිටිති.



අදහස් (0)

ලාහුගල වන මැදින් ඉපැරැණි නටඹුන්

අන්ජන Friday, 16 September 2011 08:56 AM

මෙන්න අපේ පැරැණි තාක්ෂණ උපක්‍රමය. මෙහෙම තමයි ගල්කනු හදන්නේ ගල්වෙන් කරන්නේ මේ හිල් ඇතුළට බෙහෙත් වර්ග දාලා තිබ්බහම ගල වෙන්වෙනවා. මේ වගේ ක්‍රම අපට බටහිරින් ඉගෙන ගන්න වෙලා.

:       0       0

chithra Friday, 16 September 2011 09:41 AM

ධාතුන් වහන්සේලා වන්දානා කළොත් හොඳ යැයි සිතෙනවා. එය රටට ආශිර්වාදයක් වේවි.

:       0       0

gamarala Friday, 16 September 2011 09:38 AM

අහන්න ආස පුවතක්. ඊ‍ට සම්බන්ධ අය ගැන මට හරි ආඩම්බරයි.

:       0       0

වසන්ත Friday, 16 September 2011 10:05 AM

අපේ විස්මිත අතීත උරුමය මුදලට පාවා නොදීම අපේ වග කීමයි.

:       0       0

අසේල Friday, 16 September 2011 10:49 AM

මේවගේ දේ දැන ගැනීම හරිම සතුටක්

:       0       0

නිශාන්ත Friday, 16 September 2011 10:50 AM

අපේ ඉතිහාසය ගැන ‍බොහොම ආඩම්බරයි. මේ දේවල් හොඳින් රකින්න ඕනෑ. ගස් කපන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site