නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය.
ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයවූ මේ පාලම හැදීමට වසර හතරක් ගත විය. මුහුද මැදින් වැටී ඇති මේ පාලමේ දැවැන්ත කොන්ක්‍රීට් කළුනු 5000 කි. පළල අඩි 110 කි. මංතීරු තුනකි. මෙතෙක් ලොව දිගම පාලම වූ ඇමෙරිකාවේ ලුසියානාවේ පාලමට වඩා සැතපුම් තුනක් දිගය. තේම්ස් නදියේ ලන්ඩන් ටවර් පාලමට වඩා 174 ගුණයක් දික්වූ චීන පාලමේ ඉදිකිරීම් දෙපැත්තෙන්ම සිදු විය. පසුගිය දෙසැම්බර් 22 වැනිදා දෙපිරිස එක්වූහ. රිච්ටර් මාපකයේ 8.0 ක ප්‍රභල භූමිකම්පාවලට පවා ඔරොත්තු දෙන ආකාරයෙන් පාලම ඉදිකර ඇත.
පාලමේ යටින් උමං මාර්ගයක් ද ඇත. මේ පාලම හා මුහුදු උමඟ ඉංජිනේරු ශිල්පයේ නව වික්‍රමයක් සේ සැලකෙයි.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිත අපේ රටත් ඔහොම තමයි තව කාලෙකින්
මේක මහ පුදුමයක්..
චීන හපන කිව්වෙ කටකහනවට නොවෙයිනෙ. ඕක නතර වෙන්නෙ හඳටම පාලමක් හදලතමයි!
චීන රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සබැ නිදහස, අවංකකම, රටේ මුදල් හොරා නොකෑම, හරි දේශප්‍රේමය, ඒ වගේම සබැ උවමනාව එරට නායකයාගේ සිට සාමාන්‍ය මිනිසා දක්වා එකම ලෙසට පවත්වාගෙන යාම තමා මෙවන් නිර්මාණවල රහස...
මේකත් ලෝක පුදුමයක්..
අපේ රටේ පොඩි ගුවන් පාලමක් හදන්නත් ඔයිට වැඩි වියදමක් යනවනෙ. ඒ අතින් බැලුවම අපි ආසියාවේ ආශ්ච්‍යම තමයි!
චීනය ඉක්මනින් ලෝකමහා බලවතා වේවා.
ලංකාවෙදි නම් මෙහෙම දෙයක් දකින්න තවත් සෑහෙන කාලයක් යයි.පක්ෂ පාට බේද වලින් කැඩිල බිදිල ඉන්න වෛර කරගන්න රටක් දියුණු වෙන්නේ කොහොමද ? අනික අපේ රටේ මිනිස්සුන් හැමෝම හැමදේම කරනකම් කරල දෙනකම් බලන් ඉන්නව මිස රට දියුණු කරන්න වැඩ කරන්න ඕන කියල හිතන්නේ කවුද ?ඒ අතින් චීනය විශිෂ්ඨයි.දේශපාලන නායකයන්ගේ අවංක බව හා ප්රතිපත්තින්ද මේවාට ඉවහල් වෙලා තියෙනවා.