නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය Cinnamon Life - City of Dreams හිදී මෙම අගෝස්තු මස 30 වන දින සවස 6.00 සිට අලුයම 12.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම් කර ඇත.
මීට වසර 32 කට පෙර, ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින්, නුගේගොඩ දී, ආරම්භ කළ ලයිසියම් ජාත්‍යන්තර පාසල වර්තමානයේ දිවයින පුරා ශාඛා 12 සිසුන් 26,000 අධික සංඛ්‍යාවකට දැණුම බෙදා දෙන සුවිසල් තක්සලාවකි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ මව් පාසල වන නුගේගොඩ පාසලේ පමණක් සිසුන් 5770 කට අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය හා නොයෙකුත් විශය බාහිර ක්‍රියාකාරකම් රාශියක් මෙහෙයවයි.
සංස්කෘතික රංගන, ශාස්ත්‍රීය ඉදිරිපත් කිරිම්,සැමරුම් දේශන, ත්‍යාග හා සම්මාන ප්‍රදානයන්ගෙන් පොහොසත් මෙම සම්මාන උළෙල, සහභාගීවන සිසුන්, මාපියන්, ගුරු මණ්ඩලය, කළමණාකාරීත්වය හා සම්භාවනීය අමුත්තන්ගේ අත්දැකීම් වල නිම් වළලු පුළුල් කරනු නොඅනුමානයි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අවසන් වසර සිසුන් විසින්ම සංවිධානය කරනු ලබන මෙම, සැණකෙළිය, ඔවුන්ගේ පාසල් ගමනේ කූට ප්‍රාප්තිය පමණක් නොව ඔවුන් නව අනාගතයකට පා තබන විට මතුව එන නායකත්වයේ, නිර්මාණශීලීත්වයේ, සහ කැපවීමේ ජීවගුණය පිළිබිඹු කරයි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ලයිසියම් වාර්ෂික ත්‍යාග ප්‍රදානය මෙම 30 වැනි දා