IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ලබන අවුරුද්දේ පෙළ පොත් මුද්‍රණයට ප්‍රසම්පාදනය දෙයි

(අංජුල මහික වීරරත්න)

2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් / මොඩියුල මුද්‍රණය කිරීමට ප්‍රසම්පාදනය ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/ මොඩියුල ප්‍රමාණයෙන් 40%ක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් මුද්‍රණය කර ගැනීම සඳහා 2025-06-16 දින අනුමැතිය ලබා දී ඇත. ඊට අමතරව, තවත් පෙළපොත්/ මොඩියුල වර්ග 366කින් පිටපත් මිලියන 27.12 ක ප්‍රමාණයක් මුද්‍රණය කර ගත යුතුව ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කර මිල ගණන් කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා මුද්‍රණ ආයතන 29ක් ලංසු ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, රුපියල් මිලියන 3,491.47 ක පිරිවැයක් මත එකී ආයතන 29 මඟින් අදාළ පෙළපොත් / මොඩියුල 362 කින් පිටපත් මිලියන 25.49 ක් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලබන අවුරුද්දේ පෙළ පොත් මුද්‍රණයට ප්‍රසම්පාදනය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 620 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site