
(අංජුල මහික වීරරත්න)
2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් / මොඩියුල මුද්‍රණය කිරීමට ප්‍රසම්පාදනය ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/ මොඩියුල ප්‍රමාණයෙන් 40%ක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් මුද්‍රණය කර ගැනීම සඳහා 2025-06-16 දින අනුමැතිය ලබා දී ඇත. ඊට අමතරව, තවත් පෙළපොත්/ මොඩියුල වර්ග 366කින් පිටපත් මිලියන 27.12 ක ප්‍රමාණයක් මුද්‍රණය කර ගත යුතුව ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කර මිල ගණන් කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා මුද්‍රණ ආයතන 29ක් ලංසු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, රුපියල් මිලියන 3,491.47 ක පිරිවැයක් මත එකී ආයතන 29 මඟින් අදාළ පෙළපොත් / මොඩියුල 362 කින් පිටපත් මිලියන 25.49 ක් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලබන අවුරුද්දේ පෙළ පොත් මුද්‍රණයට ප්‍රසම්පාදනය දෙයි