(සුජිත් හේවාජුලිගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරන් හාරසිය පනහක් සහ කොන්දොස්තරවරුන් තුන්සීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
කොන්දොස්තරවරුන් වශයෙන් කාන්තාවන්ද බඳවා ගැනේ.
එම කාන්තාවන් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා යෙදවීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
එම කාන්තා කොන්දොස්තරවරියන් සඳහා ගුවන් සේවිකාවන්ට ලබා දෙන ආකාරයේ ඇඳුමක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද මේ වැඩේට රතු තරුවේ සහෝදර සහෝදරියෝ බඳවා ගත්තොත්? එයාලා පක්‍ෂය වෙනුවෙන් කැප වුණු සහෝදර සහෝදරියෝ නිසා ලොකු පඩි ඉල්ලන එකකුත් නෑ. ඒ වගේම වැඩවර්ජන කරන එකකුත් නෑ. අනිත් එක තමයි ගුවන් සේවිකාවෝ වගේ ඇඳගෙන ගියාට මේ කොන්දොස්තරවරියන්ට තියෙන්නේ සෙනග අස්සේ තෙරපිලා ටිකට් කඩන්නනේ. මේ යෝජිත නිල ඇඳුම නිසා ඇයට දාඩියෙන් තෙත් වෙන්න වෙයි ද? රතු සහෝදරියෝ ඉතා කර්කෂ තත්ත්වයන් යටතේත් පක්ෂෙට වැඩ කරන්න පුහුණු වෙලා ඉන්න නිසා මුල් අදියරේ දි ඔවුන් මේ රස්සාවට බඳවා ගන්න...
වැඩ වර්ජනයට කඩන්න ජෙප්පෝ තමයි ගන්නේ, ලංගමට බස් 3000 ගණනක් සේවකයෝ 20000 පමණ යැයි ලියලා තිබුණා නේද ?මෙයත් එක් පක්ෂ ක්‍රියාවලියේ කොටසක්
සුභ පතානවා. අපි ඔබලාගෙන් බලපොරොත්තු උනේ . හාල් පොල් මිල අඩු කරන්න නෙමෙයි … මෙන්න මේ වගේ වැඩ… හැම දේකම ප්‍රමිතියක් තියපල්ල… නියමයි…
ලෝකේ දියුණු රටවලත් කාන්තාවන් රියැදුරු සේවයේ නිරත වෙනවා. ඔවුන්ට හරියාකාරව හොන්ද පුහුණුවක් දෙනවා. ලන්කාවේ පිරිමින්ට වඩා කාන්තාවන් අවදානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරයි කියා හිතන්න පුලුවන්ද?
ජවිප කරණය කියන්නේ ඕකට...
ප්‍රයිවෙට් බස් එකක් සඳහා සේවකයෝ ඉන්නේ දෙන්නයි. බොහෝ විට ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර අයිතිකරු වෙන්නත් පුළුවන්. ඉතින් ලාභයි. ඒත් ආණ්ඩුවේ බස් එකකට සේවකයින් 13ක් ද කොහේදෝ ඉන්නවා කියලා මම මොකක් හරි ප්‍රවෘත්තියක දැක්කා, ඒ නිසා පාඩුයි. එහෙම තියෙද්දී තව බඳවාගන්නවා කියන්නේ පාඩුව තව කිහිප ගුණයකින් ඉහල යන එක...
ලංකාවේ හැම ආණ්ඩුවක්ම කරපු දේ මේ කට්ටියත් කරනවා. ලංගමට තමන්ගේ මිනිස්සු පුරවනවා. ඊට පස්සේ ලංගම පාඩුයි කියලා අඩනවා.