ඕස්ට්‍රේලියාවට පලායෑමට තැත්කළ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 88 දෙනකු වැටලීමට හැකි වු බවත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවසර මත තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවලට වලට යොමු කළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත හෙළිකරයි. ඔවුන් විසින් ජාවාරමාට දුන් මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 205.92 කි.
අපරාධ වැටලීමේ නගර ශාඛාව , දිස්ත්‍රික් බුද්ධි අංශය සහ වෙරළ ආරක්ෂක පොලිසියේ සහයෝගයෙන් කරන ලද වැටලීමේදී මෙම සරණාගතයින් 88 දෙනා අතරට කාන්තාවෝ 22 දෙනෙක්ද පිරිමි ළමයින් 18 දෙනෙක්ද ගැහැණු ළමෝ 19 දෙනෙක්ද සමඟ වැඩිහිටි පිරිමි 29 දෙනක්ද වුහ.
එක් අයකු ඉන්දියා රුපියල් ලක්ෂයක් ( ශ්‍රී ලංකා රුපියල් 2.34)ක් ජාවරම් කරුවන්ට ලබාදී ඇත. ජාවාරම්කරුවන් එම මුදලෙන් ලක්ෂ 18කට මෙම ගමනට අදාල බෝට්ටුවක් මිලදී ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය ලංකාව එපා කියලනේ ගියේ. ඔහේම තියාගන්න. ආපහු මෙහේ එන්න එපා.අනේ මේ පුංචි දරුවො ගැන තමයි දුක. දැන් ඉතින් සරණාගත කදවුරක දුක්විදිනවා. (නි)
එතකොට ඔය ඔස්ට්‍රේලියවටම යන්න හදන්නේ මොකද? තවත් ඔය ඕනෑතරම් රටවල් තියෙන්නේ යනවා නම්, දැන් ලංකාවේ කිසිම යුද්ධයක් නැහැ. ජීවන වියදම දරාගන්න බැරිකමයි තියෙන්නේ. ඒක ඉතින් දෙමල අයට විතරක් නෙමෙයි හැමෝටම තියන ප්‍රශ්නයක්නේ. (නි)