IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න වසන්ත ස්විට්සර්ලන්තයට

(අංජුල මහික වීරරත්න)

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසි වාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ  ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වෙති.

මෙම  15 වන දින සිට 20  දක්වා මෙම සැසිය පැවැත්වේ.

නව රජය බලයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය මෙය වන අතර WTO යටතේ ඇති සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳව සාකච්ඡා කිරීම හා ඒවායේ විනිවිදභාවය තහවුරු කිරීම මෙහිදී සිදු වේ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ප්‍රතිපත්ති ප්‍රගතිය පිළිබඳව WTO සාමාජිකයින් සමඟ සාකච්ඡා කරනු ලබන මෙම සමාලෝචන සැසිවල මුලසුන ලංකා වෙළෙඳ අමාත්‍යවරයා විසින් දරනු ලැබේ. 

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය සහ අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන තීරණාත්මක අවස්ථාවක මෙම වත්මන් සමාලෝචනය සිදු වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, ධනාත්මක වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට වැදගත් අවස්ථාවක් බව වෙළෙඳ අමාත්‍යංශය කියයි. 

මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ 16 වන සැසි වාරයේ (UNCTAD XVI) අමාත්‍ය සමුළුවට ද සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න වසන්ත ස්විට්සර්ලන්තයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 607 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 815 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 351 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site