(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළේය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ හර්ෂණ කැකුණුවෙල මහතා සඳහන් කර සිටියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමස කිසිදු බාධාවක් නොමැති බවය.
ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
රනේ Friday, 11 July 2025 02:33 PM
දැන්ම දුවන්න. දුවලා ගිහින් හැංගෙන්න බලන්න..
Siri Friday, 11 July 2025 03:00 PM
අප්පට සිරි.
Asela Friday, 11 July 2025 03:01 PM
නීති විරෝධී ලෙස 323 දෙනෙකු මුදා හැරීමේ පාඩු සඳහා, කිසිදු නඩු පැවරීමක් හෝ CID හෝ අධිකරණයේ ක්‍රියාකාරී මැදිහත්වීමක් නොමැත. ඒ හා සමානව, සතුන් ගණන් කිරීම සඳහා මහජන මුදල් නාස්ති කිරීමක් සිදු නොවේ. හැමෝම නිහඬයි. මේ නිසා අපි තවමත් තුන්වන ලෝකයේ රටක්. බලයේ සිටින අය කරන ඕනෑම දෙයක් "හරි".
ajithFriday, 11 July 2025 04:37 PM
මෙන්න හොරෙක්...
අරුණි Friday, 11 July 2025 03:05 PM
අවුරුද්දක්ම වෙන්න ආවා. කවදාද ජනතාවගේ ජීවන ගැටළු අමතන්නේ? අවු 5ම මේවා බල බලා ඉන්නද නැත්තං ඕගොල්ලෝ ගෙදර යවන්න ඉස්සෙල්ලා යනවාද?
විපරමා Friday, 11 July 2025 03:11 PM
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නලු පැති මාරුකළේ?බලයට තියෙන ආසාවට නෙවෙයිලූ. සව්ක්‍ය ඇමැතියා කාලේ තමුන්ගේ බිරිඳට රෝහල් අද්යක්ෂ කෙරුවා.
Shantha - Qatar Friday, 11 July 2025 03:29 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... මහනුවර දිස්ත්‍රික්කය හඟුරන්කෙත ආසනය...
Nihal Friday, 11 July 2025 04:09 PM
අද සිට සදාකාලිකවම ලෙඩෙක්...
අරවින්ද මොණරවිල Friday, 11 July 2025 04:24 PM
තව එක කම්බ හොරෙක්, ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැන පැන පවුල පිටින්ම හවුලේ හොරකම් කෙරුවා. දැන් ඉතින් පවුල පිටින්ම හිරේ විලංගුවේ ලගින්න සුදානම් වෙයල්ලා...
Sugathapala Friday, 11 July 2025 05:20 PM
ඉතින් තමනුත් හැමදාම කලේ ඒකමනේ උඩ බලාගෙන කෙලගහන්න ගියාම වැටෙන්නේ කොහේටද මහත්තයෝ...?
පම්පෝරි ජනක Friday, 11 July 2025 04:56 PM
දැන් එහේ තවත් ලස්සන වෙන්නයි යන්නේ, ඒක නෙමෙයි මොකද මේ සිලින්ඩර් බයියෝ කෙඳිරි ගන්නේ?
පිටිගල මිලානෝ Friday, 11 July 2025 05:03 PM
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට තවත් සාමාජිකයෙක්...