IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


රාජ්‍ය තාන්ත්‍රිකයෝ හය දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක්  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24)4නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

මෙහි විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල  සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ  තානාපති කාර්යාලයට අදාළ  තානාපතිවරයා ලෙස පත්ව සිටින සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතාද අක්තපත්‍ර භාර දුන් රාජතාන්ත්‍රිකයින් අතර සිටීමයි. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේද කසකස්තානයයි.

ඊට අමතරව එරිත්‍රියා රාජ්‍යය, උස්බෙකිස්තාන ජනරජය, ජෝර්දානයේ හෂෙමයිට් රාජධානිය, භූතාන රාජධානිය සඳහා නව තානාපතිවරුද, ෆිජි ජනරජය වෙනුවෙන් නව මහ කොමසාරිවරයෙක්ද මෙලෙස පත්ව සිටිති.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරයාගේ නාම ලේඛනය පහත දැක් වේ. 

01. අලෙම් වෝල්ඩෙමරියම් (Mr. Alem Woldemariam) මහතා - නවදිල්ලියේ නේවාසික එරිත්‍රියා රාජ්‍යයේ තානාපති

02. ජග්න්නාත් සාමි (Mr. Jagnnath Sami) මහතා - නවදිල්ලියේ නේවාසික ෆිජි ජනරජයේ මහ කොමසාරිස්

03. අලිෂෙර් ටුක්ටායෙව් (Mr. Alisher Tukhtaev) මහතා - ඉස්ලාමාබාද්හි නේවාසික උස්බෙකිස්තාන ජනරජයේ තානාපති

04. යූසෙෆ් මුස්තාෆා අබ්ඩෙල්ඝානි (Mr. Yousef Mustafa Abdelghani) මහතා - නවදිල්ලියේ  නේවාසික ජෝර්දාන රාජධානියේ තානාපති

05. සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov)  මහතා - කොළඹ නේවාසික කසකස්තාන ජනරජයේ තානාපති

06. ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී (Ms. Dasho Karma Hamu Dorjee) මහත්මිය - ඩකා නගරයේ නේවාසික භූතාන රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

රාජ්‍ය තාන්ත්‍රිකයෝ හය දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 100 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 348 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site