(බී.ජානක)

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී  අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන්  වරද පිළි ගැනීමෙන් පසු රුපියල් දෙදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද නියෝග කළාය.

චූදිත වෙනුවෙන් පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා අජිත් නන්දකුමාර යන නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බවයි.

ඒ අනුව දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහා නියම කරන ලද දඩ මුදල ගෙවීමට නැවත මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.