අයි. පී. එල්. තරගාවලියේ 45 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (2 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 15 ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
මෙවර තරගාවලියේ තෙවැනි ශතකය රැස්කළ චෙන්නායි පිලේ සුරේෂ් රයිනා තරගයේ වීරයා බවට පත්විය. පන්දු 53 කින් වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්විය.
පන්ජාබ් පිලේ ෂෝන් මාර්ෂ් (73) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 51) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවත් ජයග‍්‍රහණය සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
මේ වනතෙක් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටි රාජස්ථාන් පිලේ ජේම්ස් ෆෝල්ක්නර්ගේ කඩුලූ සංඛ්‍යාව (කඩුලූ 16) ඉක්මවා යාමට චෙන්නායි පිලේම ඞ්වේන් බ‍්‍රාවෝ (කඩුලූ 19) සමත්වීම මෙම තරගයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සඳහන් කළ හැක.
චෙන්නායි සුපර් කිංග්ස් සහ කිංග්ස් XI පන්ජාබ් යන කණ්ඩායම් 2 ටම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයන් ඇතුලත්ව නොමැති හෙයින් මෙම තරගයට කිසිදු ශ්‍රී ලාංකික කී‍්‍රඩයෙකු කි‍්‍රඩා කළේ නැත.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 දැවී 186
(රිධිමන් සහා 18, සුරේෂ් රයිනා නොදැවී 100, මයික් හසී 35, ඇල්බි මොර්කල් 23, පර්වින්දර් ආවනා 29/2)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 171
(මන්දීප් සිං 15, ඬේවිඞ් හසී 22, ෂෝන් මාර්ෂ් 73, ඬේවිඞ් මිලර් නොදැවී 51, ඞ්වේන් බ‍්‍රාවෝ 34/3)
(*)
2025 දෙසැම්බර් මස 18
3
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රයිනාගේ ශතකයෙන් චෙන්නායි යළිත් ජයගනී
යොහාන් Thursday, 02 May 2013 06:13 PM
ඒ අය ඔක්කොම ලකුණු අතර. අපේ අය ඔක්කොම බැංකු අතර. (නි)
මනෝජ් Thursday, 02 May 2013 09:30 PM
අපේ අය මේ තරම් ලැජ්ජා වෙන්නේ මොකටද ? (නි)