(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී අද(27) පැවසීය.
නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය.
“ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒවා අපි ඉතිහාසයේ දැක්කා. විසිවන සංශෝධනය සහ ඉන් පසු ඇති කරන ලද සංශෝධනයන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයන් දක්වා ගෙනයාමේ අරමුණු ඉලක්ක කර ගනිමින් වෙච්ච දේවල්. මේකෙ එවැනි දෙයක් නෙමෙයි.
මෙවැනි සිදුවීම් ගණනාවක් මේ දිනවල සිදුවනවා. රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ට කියලා තරාතිරම නැහැ. සැමට නිතිය සමානයි. දැනට රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරන අයත් මෙවැනි චෝදනාවලට ලක්වෙච්ච අයටත් අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. එහෙම නැතුව ඊට අමතර කිසි දෙයක් මෙතන නැහැ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි
අන්_ර Wednesday, 27 August 2025 06:27 PM
නීතිය, අපේ කට්ටියට හැර, අනෙක් හැමෝටම සාධාරණව කරනවා. ඒකයි ඔය විජිත වචන පටලව පටලවා කියන්නේ.
යසපාල Wednesday, 27 August 2025 06:31 PM
අරගලය වෙලාවේ පාර්ලිමේන්තු බලය අල්ලාගෙන අපේ අරමුණට යන්න දුන්නේ නැත්තේ රනිල්. අපිට ඒක අමතක කරන්න බෑ සහෝදරයා...
ටිල්වින් සීයා Wednesday, 27 August 2025 06:46 PM
ව්‍යවස්ථා සංශෝධනයකට ගිහින් තනි පක්‍ෂ ක්‍රමයකට යන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් පලාත් පාලන ඡන්දෙන් ලක්ෂ විසි ගානක් හැලුනට පස්ස ඒ අදහස අත්හැරියා. තුනෙන් දෙකකින් සම්මත කලත් ජනමතවිචාරණයෙන් කෙලවෙන නිසා.
යෝගා Wednesday, 27 August 2025 06:50 PM
සාක්කි සහිත චෝදනා තියෙන ඔයගොල්ලන්ගේ එක ඇමැතියෙක් හරි අත්අඩංගුවට ගන්න. එතකොට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා ඔයා කියන බේගලේ පිළිගන්න පුලුවන්.