(මනෝප්‍රිය ගුණසේකර)
මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුළ සිදුවු යම් යම් දේ වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද නියම කළේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා පැමිණී නීතීඥවරු අතර සිටි සමහර නීතීඥවරු දිගින් දිගටම එල්ල කෙරුණු බාධා කිරීම් හමුවේ තමන්ට කරුණු දැක්වීමට සිදු වුයේ යැයිද අධිකරණය ඇමතීම සඳහා තමන්ට ඉඩකඩ සළසා දීමට අවස්ථා ගණනාවකදීම අධිකරණයට මැදිහත්වීමට සිදුවීම පිළිබඳවද අධිකරණයට මතක් කර දුන්නේය.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බාරයට පත් කළ බවට ගරු මහෙස්ත්‍රාවරිය ප්‍රකාශයට පත් කළ අවස්ථාව ඒ වේලාවේ අධිකරණයේ රැඳී සිටි කිසියම් හෝ පුද්ගලයකු වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කිරීමට පියවර ගෙන ඇතැයිද සැකකරු අධිකරණ ශාලාව තුළ වු බංකුවේ වාඩි වී සිටියදී එයද වීඩීයෝ ගත කළ කිසියම් හෝ පුද්ගලයකු එයද වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කිරීමට පියවර ගෙන ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා එදින අධිකරණයට පැමිණ සිටි නීතීඥවරුන්ම තවත් නීතීඥවරයකුට ගරු නොකරන තත්වයකට පත් වෙනවා නම්” නඩු විමසා තීන්දු දෙන විනිසුරුවරියට ‘පැලවත්තෙන් ලැබුණු තීන්දු’ කියා කියනවා නම් මොකක්ද? එකේ තත්වය යනුවෙන් ප්‍රශ්න කළේය.
නඩුව අවසන් වී රාත්‍රී 11.00 පසුවනතුරු තමන් ඇතු`ථ විමර්ශන නිලධාරීන්ට අධිකරණ පරීශ්‍රයේ රැඳී සිටීමට සිදුවන්නේ නම් නීතීයේ ආරක්‍ෂාව කොහේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කිසිවෙකුට ත්‍රාඩ විධියට නඩු කිරීමට ඉඩදිය නොහැකි යැයිද කීය. නීතීයේ දෙවඟණගේ දෑතට අසපත දී ඇත්තේ දඬුවම් දීමට බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා යුක්තියේ ක්‍රියාවලිය ආරක්‍ෂා කිරීම සඳහා එම අසිපත ප්‍රයෝජනයට ගන්නැනි ඉල්ලා සිටියේය.
නඩුව පිළිබඳ වාචාල කතා කියු යුටියුබ් කරුවන්ට මෙන්ම අධිකරණ නියෝග දෙන අවස්ථා වීඩීයෝ කර සමාජ මාධ්‍යවලට මුදා හළ පිරිස් පිළිබඳවද විමර්ශන කර ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණය තුළ සිදුවු දේවල් වීඩීයෝ කර සමාජ මාධ්‍ය වලට මුදා පළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල් රිමාන්ඩ් කරද්දී වීඩියෝ කළ අය අධිකරණයට ගේන්න