කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුගේ ගුද මාර්ගයේ තිබු රුපියල් ලක්ෂ දහයක් වටිනා රන් කැබලි දෙකක් ඔහු ඉඳගෙන සිටි පුටුවේ කුෂන් කවරයේ සිදුරක් තුළ සගවා තිබියදී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
රන් කැබලි දෙකෙහි බර ග්‍රෑම් දෙසීයකි.
සැකකරු 36 හැවිරිදි වියේ පසුවන කොළඹ 7 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන් යානයෙන් ඉන්දියිවේ චෙන්නායි නුවර සිට දිවයිනට පැමිණ ඇත.
එම අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් සිරුරේ ලෝහ පරික්ෂා කරන යන්ත්‍රයෙන් සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ශරීරයේ යම් ලෝහයක් සගවාගෙන ඇති බවට zබීෆ්z නාදයෙන් සංඥාවත් නිකුත් වී ඇත.
පසුව ඔහුව මීගමුව රෝහලට රැගෙන ගොස් එක්ස් කිරණ යන්ත්‍රයෙන් පරික්ෂා කරද්දී ඔහුගේ ගුද මාර්ගයේ ගුලියක් වැනි යමක් ඇති බවට තහවුරුකරගෙන ඇත.
ඉන්පසු ඔහු යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන විත් ටික වේලාවක් පුටුවක හිඳුවා රේගුව බාරයේ තබා ගෙන සිට ඔහු ලග ඇති රන් බිස්කට් ඉවතට ගැනීමට යලි ලෝහ පරික්ෂා කරන යන්ත්‍රය ඇල්ලූ විට පෙර ආ zබීෆ්z සංඥාව නිතුත් වී නැත.
මේ සිද්ධිය නිසා රේගු නිලධාරීන් ද කලබල වී ඇති අතර සැකකරු මීගමුව රෝහලට ගෙන ගොස් ආපසු ගෙන ආවේද ඔවුන්ගේ බාරයේ නිසා ඔහුගේ ගුද මාර්ගයේ තිබු රන් බිස්කට් කෙසේ අතුරුදන් වී දැයි ගැටළු සහගත තත්වයත් පැන නැගී ඇත.
පසුව සැකකරුව සෝදිසි කිරීමේදී ඔහු විසින් පාපෝච්චාරනය කර ඇත්තේ රන් කැබලි ඔහු ඉඳගෙන සිටි සිටි පුටවෙහි කුෂන් කවරය තුළ හිල් කර එහි සැගනු බවයි.
රේගුව පවසන්නේ සැකකරු හැම විටම සාක්කු දෙකට තම දෑත් ඇතුලූ කරගෙන සිටි බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන සරත් අතුකෝරල, පී.එච්.යු.අයි විෙජ්පාල සහකාර රේගු අධිකාරීවරුන් වන ලක්ෂමන් වනිගසිංහ, රුවන් රත්නායක, මධුෂංක විජේවර්ධණ, මංජුල ප්‍රසාද් යන් නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන වගෙයි. (නි)
මෙයා නම් පුදුම වැඩකාරයෙක්! (නි)
කොළඹ හතේ වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
රේගු නිළධාරීන්ටත් කරන්න වෙන රාජකාරි? අනේ හැබෑට! (නි)
මොකක්ද දන්නෙ නැහැ ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ? හිතාගන්න අමාරුයි (නි)
අධිවේගී මාර්ගයටත් වැඩිය ලොකු මාර්ගයක්නේ මේක. හරි මාර්ගයකින් මුදල් හොයන්න මේ කපටි මොළ පාවිච්චි කරනවා නම් කොච්චර හොඳද? (නි)
එතකොට මේ අපි පළදින්නේ ගුද මාර්ගයේ ගෙනා රත්තරන්ද? (නි)
වෙන්න පුළුවන් ටෙක්ලා (නි)
"එතකොට මේ අපි පළදින්නේ ගුද මාර්ගයේ ගෙනා රත්තරන්ද? " ඇත්තෙන්ම දවසේ කියමන මෙය නොවේද? (නි)