මේ මස 17 සහ 18 යන දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති රාති‍්‍ර මෝටර් රථ ධාවන තරගාවලිය අවලංගු කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් මහනුවර උරුමය සුරැකීමේ සංවිධානය නමැති සංවිධානයක් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට සංදේශයක් භාරදී තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන්ට මල්වතු මහා විහාරයේදීද, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට දළදා මාලිගාවේදීද මෙම සංදේශය අද (5 වැනිදා) භාරදෙනු ලැබිණ.
දළදා සමිඳුන්ට කෙරෙන උපහාරයක් වන වාර්ෂික දළදා පෙරහර පවත්වමින් දළදා කරඬුව වඩම්මවන වීදි උඩරට බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත‍්‍ර වී ඇති බැවින් එම වීදි යොදා ගෙන රාති‍්‍ර මෝටර් රථ ධාවන තරග පැවැත්වීමටත් ජංගම සුරාසැල් ඇරීමටත් යන කි‍්‍රයාවලිය වහාම නතර කරන ලෙස එම සංදේශයේ සඳහන්ව ඇත.
මේ මස 24 සහ 25 යන දෙදින තුළ මහනුවර බෞද්ධ ජනතාව වෙසක් උත්සවයට සැරසෙමින් සිටියදී ඊට ආසන්න දින දෙකකදී මෙම මෝටර් රථ ධාවන තරග පැවැත්වීම නොමනා බවද එම සංදේශයේ සඳහන් වේ.
මෙවැනි කටයුතු සඳහා වෙනත් ස්ථාන තිබියදී පෙරහැර කරඬුව වඩම්මවන වීදි වල එම පරිසරය විනාශ කරන රාති‍්‍ර මෝටර් රථ ධාවන තරග පැවැත්වීම අනුචිත බවද එහි වෙනත් යටි අරමුණු තිබිය හැකි බවද එම සංදේශයේ සඳහන්වේ.
මහනුවර උරුමය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි ලේකම් කීර්ති රත්නායක හා නිමල් පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් විසින් ඊට අත්සන් තබනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම ඉරිසියාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.(නදී)
මේ වගේ වෙලාවටවත් නායක හිමිවරු එකතුවෙලා යමක් කරන්න ඕන නේද? (ස)
සංදේශයේ සඳහන් සියළු කරුණු පිළිබදව යහපත් අවධානයක් යොමු වේවා...! අපේ උරුමයට, සංස්කෘතියට ගරු කරන මිනිසුන් වෙත්වා. ! (ස)
අපි නැගිටිමු එකට. ඕක නවත්වන්නම ඕනේ. අපිත් නුවර කොල්ලෝ.(නදී)
ඕව ඉතින් රජ පුත්තුන්ගේ සතුටටනේ, ඕවා ඉතින් සක්කරයටවත් නවත්තන්න බෑ, අපේ හමුදුරුවරු කියන දේවල් අහන පාලකයෝ නෙවේනේ දැන් රජ කරන්නේ.(නදී)
මේවා සංවිධානය කරන්නේත් සිංහල බෞද්ධයොද?(නදී)