රත්ගම කලපුවේ කොයියා, කොරළියා, ගොඩයා, වේක්කා, ආඳා ආදී මසුන් දහස් ගණනක් මියයන බව ද, ධීවර කර්මාන්තයෙන් යැපුණු ගම්මාන 17 ක පවුල් 500 ක් පමණ මේ නිසා අසරණවී සිටින බව ද ධීවරයෝ කියති. දොඩන්දූව ධීවර වරාය ඉදිකිරීමට පැරණි මෝය කට වසා දමා නව මෝය කටක් ඉදිකිරීමෙන් පසු මුහුදු ජලය කලපුවට පැමිණෙන්නේ නැති නිසා සෑම වර්ෂයකම මෙලෙස මාළුන් මිය යන බව ද ඔවුහු කියති. පරිසර විද්‍යාඥයන් කියනුයේ ඇල්ගී වර්ගයක් පැතිරීම නිසා මසුන් මියයන බවයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට මූදු ජලය එන්නේ නැති නිසා ඇල්ගී බෝවෙනවා වෙන්න පුළුවන්..
මිනිසා සැමදා තම දැනුම සොබාදහමට විරුද්දව යොදවන්නට හපන්කම් දක්වන්නෙකි .පැරණි මෝය කට සොබවිකව නිර්මාණය වී අත්තේ වසර දහස් ගණනක් තිස්සේ සිටය.කලුපුවෙහි ජීවින්ගේ ජිවන චක්‍ර පවත්වා ගෙනිමට උචිත වන පරිදිය.පැරණි මෝය කටෙන් කලපුව හා සාගරය අතර ඇති සම්බන්දය හා එය කලපුවෙහි වාසය කරන ජීවින් අතර ඇති අන්තර්සම්බන්දතාවන් ගැන කිසිදු වග විබාගයක් නොමැතිව නව මෝය කට ඉදිකිරිම මුළුමනින්ම කලපුවේ වෙනසක් සිදුවිඅත.වසර දහස් ගණනක් තිබු කලපුවේ ජාල සංචරනය මුළුමනින්ම වෙනස් කිරීම නිසා කලපුවේ ජලජ ජීවීන්ගේ පැවත්මට ඍජු බලපෑමක් සිදුවී ඇත.කලපුවේ ලවන තාවයට ඍජුව සම්බන්දකම් දක්වන කලපු ජීවී විශේෂ,කලපුවේ සිදුව ඇති නව වෙනස් වීම හමුවේ මුනපා ඇති ප්‍රස්නයන්ට කදිම නිදසුනක් දැන් ලැබී ඇත.ලවන තත්වයේ අඩුවීම වෙනස්වීම මිරිදිය ඇල්ගී විශේෂයන්ගේ වර්දනය වැඩිවීමට හේතුකාරක වන අතර ඇල්ගී ඍජුව ජලයේ දියවිඅති ඔක්සිජෙන් ප්‍රමාණය වෙනස් විමෙහිලාද ඍජු බලපෑමක් දැක්වීම මෙකි මත්සයන්ගේ මියයේම කෙරෙහි බලපෑමක් ඇති කල හැක.මෙම ඇතිවී ඇති තත්වය ගැන වගකිව යුතු ආයතන තම අවදානය යොමුකළ යුතුව ඇත.මෙහිදී මතක් කලයුතු යමක් ඇත එයනම් සංවර්දන ක්‍රියාදාමයේදී සොබවික පරිසරයට සිදුවන හානිය හැකිපමණ අවම වන ආකාරයට කරන්නට අදාල ආයතන කටයුතු කල යුතු බවය.වැයවන මුදල් අවමකිරීමට කලුයුතු පර්යේෂණයන් නොකිරීම නිසා අප ඉතිරි කරන මුදල් මෙන් කිහිපගුණයක් මෙවැනි ප්‍රශ්න නිරාකරණයට වැය වනු ඇත.මිනිසා ගේ පරම වගකීමක් වනුයේ සොබාදහම සුරැකීමය,