මහනුවර මහයියාවේ පිහිටි ශ‍්‍රි මුත්තුමාරියම්මාන් කෝවිලේ කාන්තාවන් දහසකට වැඩි ප‍්‍රමාණයක් සහභාගී වූ කිරිකළ පූජාවක් අද (25) දහවල් පැවැත්විණ .
රටට සෞභාග්‍ය පතා මෙම කිරිකළ පූජාව වාර්ෂිකව සංවිධානය කැරෙයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රටට සෙත් පතා කිරිකළ දහසක් පුදයි
ජීවන් Thursday, 25 April 2013 04:28 PM
දැන් ආගම්වාදියෝ මේවයේ හරි වරද දිග පළල හොයලා හිත රිද්දන්න එපා.මොකෝ හරි හෝ වැරදි හෝ මේක විශ්වාසයක්.ඒ වෙනුවෙන් කරන කිසිම දෙයක් විනාශයක් හැටියට ගණන් ගන්න අපට බැහැ.අපි එතරම් අරපරෙස්සම් නම් දඹුල්ලේ එළවලු ගැන කතා කරමු. (නි)
මාලක Thursday, 25 April 2013 04:38 PM
ඔබ සියල්ලගේම පැතුම වගේම අපෙත් පැතුම එයම වේ.සම අයිතිය වෙනුවෙන් මේ මිනිස්සුන්ට තව බොහෝ දේ ඉටුවිය යුතු වුණත් රටෙන් කැල්ලක් නොඉල්ලා මෙහෙම ප්‍රාර්ථනාවක්වත් හිතේ තියන අය අපි අගය කරමු. බුදුසරණයි. දෙවි පිහිටයි. (නි)
අශෝක Thursday, 25 April 2013 05:01 PM
බල සේනාව, මෙන්නෝ....! (නි)
අචිනි Thursday, 25 April 2013 05:03 PM
රට වනසන අය විනාශ වේවා කියලා අපි පතමු . (නි)
රජිත් ඉතාලි Thursday, 25 April 2013 05:08 PM
කිරි පැකට් එකක් ගන්ඩ බැරුව දුප්පත් අම්මලාගේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙලෙන රටේ කිරි මහපොළොවට හලන එක හරිද? (නි)
මුරුගන් Thursday, 25 April 2013 05:16 PM
රජිත් ඉතාලිය, ඔබතුමාලා බුදුහාමුදුරුවන්ට පුජා කරන දානේ වේලිලා කුණු වෙලා යද්දී මොකුත් කියන්නේ නැහැ නේද? හැමදේම විනාශයක් වගේ පෙනුනට විශ්වාස ඒවා. ඇයි ඔහොම කතා කියන්නේ.කතා කරන්න දඹුල්ලේ එළවලු, නුවරඑළියේ පාරට හලපු කිරි.අන්න ඒවා විනාශ (නි)
පාර්වතී Thursday, 25 April 2013 05:22 PM
රජිත් ඉතාලිය, එතකොට බුදුන්ට පුදන දානේ ඔහේ වේළී යද්දී දුක හිතෙන්නේ නැද්ද? (නි)
නිරෝෂන් Thursday, 25 April 2013 05:28 PM
රජිත්, පූජාවක් වුණහම එහෙම තමයි. (නි)
ෂෙරිෆ් Thursday, 25 April 2013 05:51 PM
අනේ මේ ඔයගොල්ලෝ සණ්ඩු සරුවල් නොකර හැමෝම එකට එකතුවෙලා හරෝ හරා කියන්න..... (නි)
සිසිර Thursday, 25 April 2013 05:51 PM
මිලියන 10 කට වඩා මිනිසුන් කුසගින්නේ මිය යන ලෝකයේ ආහාර සදහා අප ගරු කළ යුතුය. විනාශ නොකළ යුතුය. දිනක් කුසගින්නේ සිට එහි වටිනාකම වටහා ගන්නට උත්සාහ කරන්න. (නි)
ෂෙහාර් Thursday, 25 April 2013 05:53 PM
විදුලි බිල අඩුකරන්න කියලත් පතන්න (නි)