IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය ගැන මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (23) පස්වරුවේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත ජ්‍යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංගමයේ සභාපති රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.



අදහස් (5)

රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

Perera Wednesday, 24 April 2024 05:06 AM

මෙයා අධ්‍යාපන ඇමති කාලේ ඕක තේරුම් අරන් හොඳ අධ්‍යාපන ක්‍රමයක් හැදුවේ නැත්තේ මොකද ?

:       0       6

chandoma Wednesday, 24 April 2024 05:26 AM

පන අදින වෙලාවට තව තව දැක්මවල් පහල වෙයි .කාලයක් අධ්‍යාපන ඇමති වෙලත් උන්නා නේද ?සමහර විට ලඟදි ඔලුවෙන් හිටගන්න යෝග ව්‍යායාම කරලා වෙන්න ඇති ?

:       0       5

අයි.ජී.එල් ජයවීර - අම්බලන්ගොඩ. Wednesday, 24 April 2024 07:10 AM

එහෙම නම් ඊට ගැලපෙන පාලකයින් සහ නිලධාරීන් ඒ සදහා පත්කල යුතුයි.රාසපුත්ත වගේ පුද්ගලයෙක් නිසා දකුණු පළාත් ලංකාවෙන්ම පුතිපළ වලින් එක සේම පාලාතලයෙන් ද එක වුනා. අනික ඇස්පේන කන් ඇසෙන ආණ්ඩුකාරවරයෙක් පත් කරන්න. ඔහුට නීතිය පිළිබද අවබෝධයක් තිබෙන ස්වාධීන තරැණයින් කිහිප දෙනෙක් උපදේශකවරැ ලෙස පත් කරන්න.අධ්‍යාපනයට දේශපාලනය තරව ගන්න එපා. අම්බලන්ගොඩ නම් අධ්‍යාපනය තනිකරම දූෂිතයි.ඉතිං කොහොමද හොද අධ්‍යාපනයක් බිහිකරන්නෙ. ගන්නම දෙයක් නැහැ.අපි උදව් කරන්න ලැහැස්තියි. අපේ අදහන් පිලිගන්න. අධ්‍යාපනය වෙනක් නොකොට කිසිවක් කරන්න් බැහැ.

:       0       4

පිටරටවැසියා Wednesday, 24 April 2024 08:24 AM

මේ සියළු කථා, වසර හැත්තෑ ගණනක් තිස්සේ අහපු ඥාන කථා විතරමයි. ලංකාවෙ හිටියොත් හරි හමන් අධ්‍යාපනයක් නැහැ. කොහොමින් හරි හරි හමන් උසස් අධ්‍යාපනයක් ලබා ගතහොත්, හරි හමන් රැකියාවක් නැහැ. වෙන රටක රැකියාවක් සමගින් පවුල් පිටින් ජීවත් වෙන එක විතරමයි දැනට සහ ඉදිරියටත් තියෙන එකම පිළිතුර. ලංකාවෙ පැහැදිලි අනාගතයක් තියෙන්නෙ තක්කඩි දේශපාලුවන්ටයි (226 ම), ඔවුන්ගෙ තක්කඩි හෙන්චයියන්ටයි, යම් කොටසක් වූ දුෂිත රාජ්‍ය සේවකයින්ට විතරමයි. රටේ ඉතුරුවෙලා ඉන්න අනෙකුත් අහිංසක ජනතාව, ඉහත කී ඔක්කොටම ජීවිතේ ඉතිරි ටික කඹුර, කඹුර පව් ගෙවනවා...

:       0       6

ගමේ එකාලා Wednesday, 24 April 2024 03:30 PM

පස් වතාවක් අගමැති වෙලා හිටිය කාලේ නොකරපුවා දැනුයි මතක් වෙලා තියෙන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 218 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 76 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 426 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 208 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 540 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 286 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1902 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site