(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පීඑල්සී රුපියල් මිලියන 15ක මුදලක් පරිත්‍යාග කළේය.

ඊට අදාළ චෙක්පත First Capital Holdings PLCහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් වීරසේකර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.

First Capital Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් රන්දිනිත් මදනායක සහ දිලුනි ධනුෂිකා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.