IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජස්තාන් පිලට කඩුලූ 8 විශිෂ්ට ජයක්

අයි. පී. එල්. තරගාවලියේ 36 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (27 වැනිදා) ජායිපූර්හි පැවති තරගයේදී සන්රයිසර්ස් හයිඩද්‍රාබාද් පිල පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ ජේම්ස් ෆෝල්ක්නර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගෙන සන්රයිසර්ස් පිල ලකුණු 144 කට සීමා කිරීමට සමත්විය.

රාජස්තාන් පිලේ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 53 කදී නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත්විය.

තරග කිහිපයකට සහභාගී නොවී සිට මෙම තරගයට කී‍්‍රඩා කළ සන්රයිසර්ස් පිලේ නායක කුමාර් සංගක්කාර සහ මෙවර අයි. පී. එල්. තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා සිටින එකම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයා වන තිසර පෙරේරා අද තරගයේදී අසාර්ථක වූහ. ඔවුන් දෙදෙනාම අද ලකුණු 4 බැගින් ලබා සිටියදී දැවීගියහ.

පන්දු යැවීමේදීද තිසරට ලකුණු 34 ක් ලබාදෙමින් දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

සන්රයිසර්ස් හයිඩ‍්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 9 කට 144
(ඩැරන් සැමී 60, අමීත් මිශ්රා 21, අශීෂ් රෙඞ්ඩි 14, ඬේල් ස්ටේන් නොදැවී 18, ජේම්ස් ෆෝල්ක්නර් 20/5, අජිත් චන්ඩිලා 13/2)

රාජස්තාන් රෝයල්ස් පිල  ඕවර 17.5 කදී එක් කඩුලූ 2 කට 146
(ශේන් වොට්සන් නොදැවී 98, රාහුල් ද්‍රාවිඞ් 36)  

(*)



අදහස් (0)

රාජස්තාන් පිලට කඩුලූ 8 විශිෂ්ට ජයක්

යොහාන් Saturday, 27 April 2013 09:02 PM

තරඟය පැරදුනාට මොකද? සංගාගේ ලකුණු වලට තවත් ලකුණු එකතු වුණානේ. (නි)

:       0       0

උසාන් Sunday, 28 April 2013 12:25 PM

තරගය පරාද උනාට සංගක්කාර ගේ කණ්ඩායම දිනනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site