අයි. පී. එල්. තරගාවලියේ 36 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (27 වැනිදා) ජායිපූර්හි පැවති තරගයේදී සන්රයිසර්ස් හයිඩද්‍රාබාද් පිල පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ ජේම්ස් ෆෝල්ක්නර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගෙන සන්රයිසර්ස් පිල ලකුණු 144 කට සීමා කිරීමට සමත්විය.
රාජස්තාන් පිලේ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 53 කදී නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත්විය.
තරග කිහිපයකට සහභාගී නොවී සිට මෙම තරගයට කී‍්‍රඩා කළ සන්රයිසර්ස් පිලේ නායක කුමාර් සංගක්කාර සහ මෙවර අයි. පී. එල්. තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා සිටින එකම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයා වන තිසර පෙරේරා අද තරගයේදී අසාර්ථක වූහ. ඔවුන් දෙදෙනාම අද ලකුණු 4 බැගින් ලබා සිටියදී දැවීගියහ.
පන්දු යැවීමේදීද තිසරට ලකුණු 34 ක් ලබාදෙමින් දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
සන්රයිසර්ස් හයිඩ‍්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 9 කට 144
(ඩැරන් සැමී 60, අමීත් මිශ්රා 21, අශීෂ් රෙඞ්ඩි 14, ඬේල් ස්ටේන් නොදැවී 18, ජේම්ස් ෆෝල්ක්නර් 20/5, අජිත් චන්ඩිලා 13/2)
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 17.5 කදී එක් කඩුලූ 2 කට 146
(ශේන් වොට්සන් නොදැවී 98, රාහුල් ද්‍රාවිඞ් 36)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරඟය පැරදුනාට මොකද? සංගාගේ ලකුණු වලට තවත් ලකුණු එකතු වුණානේ. (නි)
තරගය පරාද උනාට සංගක්කාර ගේ කණ්ඩායම දිනනවා.(නදී)