
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා සියළුම රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ වැටුප් වැඩිවීමක් ලබාදෙන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බස් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.
බස් ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන කාර්යක්ෂම ආයතන බවට පත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ දැනට ප්‍රකාශයට පත් වී ඇති කෝටිපති වත්කම්වලින් ද මේ ගෙවීම කරන්නේ එසේත් නැත්නම් අන් ආණ්ඩු සහ ජනපතිවරු සිදු කළා වගේම රාජ්‍ය භාණ්ඩාගාරයෙන්ද? පාර්ලිමේන්තුවේ විරුද්ධ පාක්‍ෂික මන්ත්‍රීවරුනට තග දානවා මෙන් නැතිව අපට කරුණාවෙන් පහදා දෙන්න බිමල් ඇමැතිතුමා!
අර ට්‍රිලියන ගාණක් සල්ලි අච්චු ගැහුවා කිව්වානේ. දැන් ඉතින් බෙදන්න බැරියෑ...
2025 ජනවාරි 1 දිනෙන් පස්සේ විශ්‍රාම ගන්නා අයට ජූලි මාසේ ඉඳන් විශ්‍රාම වැටුප වැඩි කරනවා කිව්වාට තාම කාටවත් එහෙම එකක් ලැබිලත් නෑ. ඒ ගැන කතාවකුත් නෑ. තව තව පොරොන්දු දෙන්න කලින් මීට පෙර ඒවා ඉටුවෙලාද කියලා පසු විපරමක් කරලා හිටියා නම් හොඳයි ඇමැතිතුමා...
මොනවා? අපි ඉල්ලුවේ නෑ නේ?
බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම රට බංකොළොත් වෙලත් කරන්නේ රජයේ සේවකයන් කියලා ඉන්න හොරුන්ට සැලකීම! මේ තත්ත්වයට රජයේ සේවකයන්ට සලකනවා මදි කියලා කෑ මොර දෙන විපක්ෂයත් වගකියන්න ඕනේ!! එතකොට පක්ෂ විපක්ෂ සේරම නිෂ්පාදන ආර්ථිකය හදන්න පටන් ගන්නෙ කවදාද?
ආණ්ඩුව වියදම් කරනවා තෙල් ලිඳක් පාදාගෙන වගේ. එත් තවම අයවැය හිඟය පියවන්න ණය ගන්න ඕනෑ. ඔය විදියට තමයි පහුගිය ආණ්ඩු කාලේ වියදම් කලේත්, අන්තිමේ රට බංකොලොත් වෙලා නැවතුණා...
මහජනතාවගේ බදුමුදල් රජයේ සේවකයන්ට බෙදීම ගැන ඔයා කලබල වෙන්න එපා..