(විමුක්ති එස් රුද්‍රිගු)
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් කෝටි 1300 ක කොන්ත්‍රාත්තුවක් සියේරා නෙවාඩා සමාගමට ලබා දීමට කටයුතු කළ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.
කොලොරාඩෝ ප්‍රාන්තයේ සියේරා නෙවාඩා සමාගමට අයත් කර්මාන්ත ශාලාවේදී මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවත් 2036 වසරේදී මෙම ගුවන් යානය නිපදවා අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව පැවැසුවේය.
දැන් තිබෙන ඩූම්ස් ඩේ ගුවන් යානය 1970 වසරේදී නිපදවූ වූ එකක් වීම හේතුවෙන් එහි ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින් නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් නිපදවීම සඳහා කොන්ත්‍රාත්තුව සියේරා නෙවාඩා සමාගමට ලබා දුන් බව ඇමෙරිකානු ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.
ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල
විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවය
බුදු දහම ඇතුළු ආගම් වලට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන ප්
අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණු කොටස් ඇතුළත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව අධ
ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන බව පැවසෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුද්ධයකදී උඩයන්න ඇමෙරිකා ජනපතිට යානයක්
ජයනාත් Sunday, 28 April 2024 08:03 PM
1. න්‍යෂ්ටික යුද්දෙන් පස්සේ නැවත පොළවට බහින්නෙ කවුරු බලන්න ද. 2. 2036 වෙනකං න්‍යෂ්ටික ප්‍රහාරයකට අවස්ථාව එලඹෙන්නෙ නැති ද. 3. 2036 වෙනකොට අනෙකුත් රටවල් මේ ඉන්න තැනම ඉඳියිද. 4. ලංකාවේ ණය බිලියන 39 ලු. මේකෙ වියදම් බිලියන 130 යිලු. මොකද හිතෙන්නේ .
Prasith Fernando Sunday, 28 April 2024 08:24 PM
අපට එම ගුවන් යානය මිලදී ගත හැකි නම්... කරුණාකර මට දන්වන්න. මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තෑගි දෙන්නම්..
Sachith Sunday, 28 April 2024 08:51 PM
ඕක දැකලා අපේ අයටත් බිලක් දාන්න ඕනෑ වෙයි.
abeygunasekarasampath95 Sunday, 28 April 2024 08:53 PM
න්‍යෂ්ඨික යුද්ධයක් ඇති කරලා උඩට වෙලා ඉන්න තමයි වෙන්නේ. බිමට බැස්සට කවුරුත් ඉතිරි වෙන එකක් නෑ. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවන එක නවත්වන්නයි කළ යුතු...
Chathuri Monday, 29 April 2024 05:30 AM
අපේ නඩේටත් එකක් ඕඩර් කෙරුවානම් හොදයි ඡන්දෙන් පස්සෙ හැන්ගිලා උඩ යන්න
Malika Monday, 29 April 2024 06:43 AM
අනේ දෙවියනේ, යුද්ධය නවත්වන්න නෙවි හදන්නේ. අහස උඩ ඉඳලා පාලනය කරන්න. මුන්ගේ මොලේ වැඩිවෙලා කරන අපරාධ. අහිංසක මිනිසුන් තමා මේවට බිලි වෙන්නේ. ලොක්කෝ හැංගිලා, සොක්කෝ කැමැතෙන් හෝ අකමැත්තෙන් බිලි වෙනවා. විශ්වයේ මහා විශ්මය වෙන්න කාලය හරි වගේ.
Perera Monday, 29 April 2024 07:49 AM
උඩ ගියාට ආපහු බාන්න රටක් ඉතුරු වෙලා තියේවිද දන්නේ නැහැ