(ගයාන් සූරියආරච්චි)
රැසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව කියන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට සහාය දුන් හිටපු සාජන් මේජර්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 67 සහ 50 වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පසුවන හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු යුද හමුදා සාජන් මේජර්වරයෙකි.
මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට රිමාන්ඩ් භාරයේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව
නිරිතදිග මෝසම් තත්වය දිවයිනට හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තව දුරටත් බලාපොරෝත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන
රජයේ සහ රජයේ අනුමත පාසල්වල මෙම වසරේ (2024) පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද (20 වැනිදා) ආරම්භ වේ.
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්
එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
sachith Thursday, 09 May 2024 08:33 AM
තාම රණවිරුවෝ දඩයම් කරනවා කියන සෙට් එක එළි බැහැලා නෑ නේද
පිටිගල මිලානෝ Thursday, 09 May 2024 10:23 AM
කුරුණෑගල කියන්නේ මෝඩ මීහරක් ජීවත් වෙන පළාතක් .හොඳම උදාහරණය නාකි මයිනා ජන්දෙ ඉල්ලන්න කුරුණෑගලම තෝරා ගැනීම, රේන්ද ජොනියා සෑම ඡන්දයකින්ම පාර්ලිමේන්තුවට පැමිණීම.
fairoos Thursday, 09 May 2024 11:15 AM
මිනිස්සු කැමැත්තෙන් ගියානම් මොනවාද තියන ප්‍රශ්න