නීතිය හා යහපාලනය රජයන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන බව යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය හෙවත් සිමෝග් කියයි.
යට පාලනය උදෙසා අධිකරණයට ගිය හැටි සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතුළත් දෑ ගැන සිමෝග්හි සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම් ලංකාදීප එසැණ සමග සමූඛ සාකච්ඡාවකට එක්වෙමින් විස්තර කළේය.
වරලත් ඉංජිනේරුවකු වන විස්වලිංගම් මහතා මහජන අයිතිවාසිකම්, තොරතුරු මර්දනය, වගවීම, දූෂණ ආදී ගැන ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකට ලිපි සපයයි.
එම ලිපිවල සිංහල පරිවර්ථන ඇතුළත් පොතක් ද 2012 නොවැම්බරයේ එළිදැක්විණි.
ආචාර්ය ඒ සී විස්වලිංගම් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්තේය. ලන්ඩනයේ විද්‍යා තාක්ෂණය පිළිබඳ ඉම්පීරියල් විද්‍යාලයයේ ඩිප්ලෝමා සහතික ලාභියකු වූ ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය සමත් විය.
ඔහු වරලත් ඉංජිනේරුවරයෙකි. එතෙර සොළොස් වසරක් ගත කළ ඔහු ගංගා නම් නිම්න සංවර්ධන මණ්ඩලයේ වලවේ ව්‍යාපාරියේ (සිවිල්) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විය. අනතුරුව ඔහු ඉංජිනේරු උපදේශකවරයකු ලෙස ක්‍රියා කළේය.
1993 සිට 99 කාලයේ දී ඔහු නිර්මාණ ඉංජිනේරු සංලමයේ සභාපති විය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය යටතේ පත් කැරුණු රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ද විය. 2002 සිට 2005 දක්වා ඔහු එම සාමාජිකත්වය දැරීය. යටපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරයේ සභාපති ලෙස 2005 දී තෝරා පත් කර ගැනීමත් සමඟ ඔහු සිය වෘත්තිය ජීවිතයෙන් සමු ගත්තේය.
පුවත්පත් කලා විශිෂ්ඨයන් සඳහා ශ්‍රී ලංකා කර්තෘ සංසදය, පුවත්පත් පැමිණිලි කොමිසම සමග එක්වී 2012 අගෝස්තු මාසයේ දී පැවැත්වූ සම්මාන උළෙලේදී යහ පාලනය සඳහා වන පුරවැසි සංවිධානය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා, සේපාල ගුණසේන සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වලිංගම් මහත්මයා කියනවා වගේ රටට අවංකවම ආදරය කරන, යමක් නිසියාකාරව කිරීමට හැකියාව තිබෙන මිනිස්සු මේ රටේ නැතුව නොවෙයි. (නි)
යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරයට මම අවංකවම සුබ පතමි (බ)
මහතාණෙනි, ඔබතුමාගේ අදහස් අපි ඉස්මුදුනින්ම පිළිගන්නෙමු. අද රටට අවශ්‍ය මේ වගේ ක්‍රමයක් බව සිහිබුද්ධිය ඇති අය තේරුම්ගත යුතුය. වල්මත් වී ඇති ජනතාවගේ දේශපාලන මනස වරින්වර රජවෙන ඇත්තෝ හොඳින් අවබෝධ කරගෙන සිටිති. රටේ තත්වය ගැන අවංකව කරුණු දැක්වීම ගැන සතුටුවිය යුතුය. (නි)
"යහ පාලනයයි අධිකරණයයි" අපේ රටේ නැති දෙයක් ගැන අයි අපි කතා කොරල හිත අමාරු කර ගන්නේ. (නදී)
දැනට තියන නීති රීති අපක්ෂපාතිව ක්‍රියාත්මක කරනවා නම් ඒ ඇති හොඳ යහ පාලනයකට. (නදී)
"යහපාලනය හා අධිකරණය " ගැන ලියු ව්‍යවස්ථාව සිංහල සහ ඉංග්‍රීසියෙන් ලබාගැනීමට හැකි නම් ඉතාමත් හොඳයි. මේ අදහස් සමාජයට යා යුතුයි. දේශපාලනයට මිනිසුන් තේරීමේදී වඩාත්ම වැරදි කරන්නේ පක්ෂ නායකයෝ. ජනතාවට ඡන්දය දෙන්න සිදුවෙන්නේ වැරදි අයට. (නදී)
මම මෙතුමා සමඟ අවුරුදු 5 ක් වැඩකරලා තියෙනවා.දැන් ගොඩක් වයසේ. මම ඉන්නේ රටින් පිට. ලංකාවට ආවහම මම බලන්න යනවා. අවුරුදු 3කින් විතර යන්න බැරිවුණා. හරියට නීතියට වැඩ කරන කෙනෙක්. පොඩි මිනිසුන්ට හරි ආදරෙයි (නි)
මෙතුමත් ඕනෑ නැති දේවල් කරලා අත පුච්චගන්න වාගේ හදන්නේ. මෙච්චර ඉගෙන ගත්ත මිනිහෙක් වෙලත් ලංකාව තේරුම් ගන්නේ නැහැනේ මෙතුමා (නදී)
කොරල බලමුකෝ (නදී)
අම්මපා ජේ. ආර්.ගේ කාලේ මේ ඔක්කොමල රස්සාව කරගෙන හිටියා. ඒ කාලේ යහ පාලනය අපූරුවට තිබුණු නිසා වෙන්න ඇති නේද? (නදී)
යහ පාලනයේ හොඳකම ගැන අබරන් සීයාගේ මුණුපුරාත් කියයි දක්ෂ ලෙස. බුලත් කෙල පාරට 5000/= යි. සිගරට් දුමට 2500/= යි. කුඩු පැකට් එකට පෝරකය. කන්ටේනර් ගණනින් රට තුලට ආපුවාට විමර්ශන. දේශපාලකයෙක්, නිලියක් විවේචනය කලොත් මහා භාණ්ඩාගාරයෙවත් නැති කෝටි ගණන් වන්දි ඉල්ලා නඩු. මේවා යහපාලනයේ අධිකරණයෙන් විසඳුම් දෙන්න නම් එදා ගැසූ රෝමානු ලන්දේසි නීති ගැටය ලිහන්න ඕලන්දක්කාරයින්ටම බාර දෙන එකයි ඇත්තේ (නදී)
සමින්ද දැනට තියෙන නීති ක්‍රියාත්මක කරන්නත් නීතිය හරියට ඕනේ. උදාහරණයක් හැටියට මහජන මුදල් කොල්ල කාපු මන්ත්‍රී වරයෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න නීතියක් නැහැ නේද? ඕනෙම හොරෙක් මිනී මරුවෙක් පාදඩයෙක් නිදහස් වෙනවා. අල්ලස් හා දුෂණ එකේ ලොකු මහත්තයා අල්ලස් ගත්තොත් ඔහුව අයින් කරන්න බැහැ. අයින් කරන්න නම් ඊට වැඩ්ය හොරෙක් ලඟට යන්න ඕනේ. මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. ඉන්දියාවේ ජයලලිතාට විරුද්දව තීන්දු දෙන්න උසාවියට පුළුවන් උනා. එහෙම කලා කියල විනිසුරුවා මාරු කරන්න බැහැ. ඔහුට ගහන්න බැහැ. අපේ රටේ එහෙම නැහැ නේද?
මෙතුමා හරිම සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. මම ගොඩක් ගරුකරන පුද්ගලයෙක්. (නි)
යහ පාලනයක් ගැන කියනවා. පොලු මුගුරු අරගෙන පොලිසිය ඉදිරිපිටදීම මිලේච්ඡ ලෙස ජනයාට පහර දෙන තිරිසනුන් ඉන්න රටක් ලෝකයේම නැහැ (නදී)