ලබන මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට පළපුරුදු කී‍්‍රඩකයන් වන ගෞතම් ගම්භීර් සහ යුවරාජ් සිං ඇතුළත් නොකිරීමට ඉන්දීය කි‍්‍රකට් බලධාරීහු අද (4 වැනිදා)තීරණය කළහ.
ඉන්දියාව කුසලාන හිමිකරගත් වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වූයේද යුවරාජ් සිංය. ගෞතම් ගම්භීර් එම ලෝක කුසලාන තරගාවලියේම අවසන් මහ තරගයේදී ලකුණු 92 ක් ලබාගනිමින් ඉන්දීය ජයග‍්‍රහණයේ පදනම දැමූ කී‍්‍රඩකයා විය.
එක්දින තරග 282 කට සහභාගි වී ඇති යුවරාජ් සිං ශතක 13 ක් සමගින් ලක-ුණු 8211 ක් රැුස්කර ඇති අතර ගෞතම් ගම්භීර් එක්දින තරග 147 කදී ශතක 11 ක් සමගින් ලකුණු 5238 ක් ලබා තිබේ.
මෙම කණ්ඩායමට ඉන්දීය පිලේ තවත් පළපුරුදු කී‍්‍රඩකයන් තිදෙනකු වන විරෙන්දර් සෙවැග්, හර්බජාන් සිං සහ සහීර් ඛාන්ද ඇතුළත් නොවෙති. එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් ලොව දෙවැනි කී‍්‍රඩකයා වන සෙවැග් පසුගිය දිනවල අසාර්ථක වීම නිසා ඉන්දීය පිලෙන් ඉවත් කරනු ලැබිණ.
ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ‘බී’ කාණ්ඩයට ඇතුළත් වන ඉන්දීය පිල පළමු වටයේදී දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග කිරීමට නියමිතය. ශී‍්‍ර ලංකාව, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදී.
ඒ ඒ කාණ්ඩයන්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
ගම්භීර්ගේ ස්ථානයට නවක කී‍්‍රඩක ෂිකාර් ධවාන් කැඳවනු ලැබ ඇති අතර ඔහු කී‍්‍රඩා කර ඇත්තේ එක්දින තරග 5 කට පමණි. ඉන්දීය කණ්ඩායම වේග පන්දු යවන්නන් පස් දෙනකුගෙන් සහ ද`ග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විතය.
ශූරයන්ගේ කුසලාන සඳහා වන ඉන්දීය සංචිතය
මහේන්ද්‍ර සිං දෝනි (නායක), ෂිකාර් ධවාන්, විරාට් කෝලි, සුරේෂ් රයිනා, දිනේෂ් කාර්තික්, මුරලි විජේ, රෝහිත් ෂර්මා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, ඉර්ෆාන් පතන්, උමේෂ් යාදව්, භූව්නේෂ්වර් කුමාර්, ඉෂාන්ත ෂර්මා, අමිත් මිෂ්රා සහ විනෙයි කුමාර්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කෝලි ටත් කැමති නැහැ (නි)
ඔලුව ඉදිමවා ගත්ත සල්ලිකාර බුරුවො කණ්ඩායම .(නදී)
රුසියාව ,චීනේ ,ජපානෙට පැරදුනත් කමක් නැහැ ඉන්දියාවට ගහලා .ඉන්දීය ජාතිකයන්ට වැඩිය ලෝකේ අනිත් හැම ජාතියක්ම හොදයි. (නි)
අපිට කව්රු ඉවත් කළත් කමක් නැහැ. (නි)
අපිට ඔවුන්ගෙන් වැඩක් නැත. (නි)
සංගාගෙයි මහේලගෙයි මූණු බලන්නකෝ... රැවුල වවන්නේ මොකදැයි සිතා බලන්නකෝ... (නි)
මම නම් ඉන්දියන් ක්‍රීඩකයින් කාටවත් කැමති නැහැ.(නදී)
මම නම් හිතන්නේ ලංකාවේ කව්රුත්ම මේ කණ්ඩායමට කැමති නෑ.(නදී)
මෙහම බැලුවොත් අපේ කට්ටියගෙනුත් කීප දෙනෙක් එලියට.(නදී)
සහතික ඇත්ත ගමගේ. මමත් එයාට කැමති නැහැ. (නි)
වැඩ නොපෙන්නුවොත් තැනක් නැහැ.(නදී)
ඉන්දියන් අයට හොද වැඩේ.(ස)
ඉන්දියන් අයට හොද වැඩේ.(නදී)