IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  නිපුන් නිර්මාල් පුෂ්පකුමාර යන අවුරුදු විසිවන වියති තරුණයකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු වැලිකන්ද නගරයට ගොස් ආපසු නිවස බලා ගමන් කරමින් සිටියදී වම් පසින් ආ මී ගවයකු බේරා ගැනීමට යෑමේදී, යතුරුපැදිය දකුණු දෙසට හරවා ගැනීමට උත්සාහ දැරීමේදී වේගය පාලනය කිරීමට නොහැකි වූ යතුරු පැදිය කුඹුක් ගසක ගැටී මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිය දකුණු දෙසට ගමන් කරන විට පිටුපසින් පැමිණි, වැලිකන්ද සිංහපුර පදිංචි අවුරුදු 19 ක් වයසති තවත් යතුරු පැදි කරුවකු එම යතුරුපැදියේ ගැටී තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

චමින්ද Sunday, 28 April 2024 08:01 AM

මාර්ග වල මීහරක් දක්කන මීහරක් නැහැ. හරිම කරදරයක් තියෙන්නෙ. මේවා ගැන බලන්න කෙනෙක් නැහැ .හැමදාම කියනවා වගේ ලංකාවට යතුරු පැදි කියන්නෙ බෝම්බ වලට හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වඩා දරුණු වාහනයක් කියන්න පුළුවන් .රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හෝ යතුරු පැදි මරණ සම්බන්ධ වාර්තා ප්‍රසිද්ද කරනවා නම් රටට සෙතක් වේවි

:       0       1

sam Sunday, 28 April 2024 08:28 AM

මියගිය අයට නිවන් සුව...!. තුවාල ලැබූ අයට ඉක්මන් සුව! දෙන්නා රේස් ගියා කියලා හිතෙන්නේ මොකද මන්දා?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත
2024 මැයි මස 11 195 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාද


බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක්
2024 මැයි මස 11 135 0

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රම


අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි
2024 මැයි මස 11 195 0

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අප


බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි
2024 මැයි මස 11 1181 0

ඉතා අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙ


පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින්
2024 මැයි මස 11 1080 0

යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.


ලංගමට බසයක් පෙරලී 9ක් රෝහලට
2024 මැයි මස 11 631 0

හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 608 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2108 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1832 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site