
(චමිලා අල්විස්)
හොරණ තල්ගහවිල මාර්ගයේ මිදෙල්ල මුල්ලහේන ප්රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු අද(12) මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නොම්බර 65, දික්හේනපුර මුණගම ප්රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දිලූෂ ප්රසාන් නැමති තරුණයෙකි.
තල්ගහවිල දෙස සිට හොරණ දෙසට ධාවනය කර ඇති යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදියක ගැටී යතුරුපැදිය පෙරළී ඉදිරියට ඇදී ගොස් දුරකථන රැහැන් කණුවක ගැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කරන විට ද මියගොස් ඇති බව පොලිසිය විසින් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම යතුරුපැදියේ ගැටුණු අනිත් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මියගොස් ඇත්තේ අනෙක් යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් මත රට වාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් මහේෂ් (37999) ,පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (89321) , තුෂාර (78425) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd