IMG-LOGO

මෝටර් රථ හිටපු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා වැලක්

(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය

මෙලෙස රජයට රේගු බදු හා ලියාපදිංචි ගාස්තු අහිමි කරමින් ගෙන්වා ඇත්තේ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථ, මොන්ටේරෝ හා ප්‍රාඩෝ රථ බව පැවසූ අල්ලස් කොමිසම අදාළ වාහන ආනයනය කළ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සමග එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවද සඳහන් කළේය.

2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එක්ස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට නීති විරෝධීව අංක තහඩුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය මෙම කරුණු ඉදිරිපත් කළාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, ලිපිකරු ධම්මික නිරෝෂන් හා හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.

ස්වාමිනි. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කිරීමෙන් පසුව අනාවරණය වූ කරුණු කීපයක් තිබෙනවා.

එක් සුඛෝපභෝගී රථයකට අංක තහඩු නිකුත් කිරීමට සම්බන්ධව මොවුන්ව අද අධිකරණයට ඉදිරිපත් කළද ව්‍යාජ දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් වාහන 51කට හොර සහතික හදන්න මේ අය දායක වෙලා ඇති බවට සාක්ෂි අනාවරණය වෙනවා. මුල් ලියාපදිංචියක් නැති හොර රහසේ ආනයනය කළ වාහනවලට සුනිල් නිශාන්ත කරුණාතිලක නැමැති අයෙකුගේ නමට දිවුරුම් ප්‍රකාශ දීලා තිබෙනවා. නිශාන්ත කියලා එහෙම පුද්ගලයකු මිහිපිට නැහැ. තව "මල්ශාන්" නැමැති පුද්ගලයකු ගැනත් මෙම තොරතුරුවල සඳහන් වෙනවා. මේ මල්ශාන් නමැති පුද්ගලයා සැබෑ පුද්ගලයකු ද  කියලා තවම විමර්ශන සිදු කරනවා.අද අධිකරණයට ඉදිරිපත් කරන රථයෙන් රුපියල් 32268620.00 පාඩුවක් රජයට වෙලා තියෙනවා.මෙහෙම වාහන එකක් නෙවෙයි වාහන 178 ආනයණය කර ඇති බවට දැනට අපට තොරතුරු තියෙනවා. හොර රහසේ ගෙනාපු වාහන වලින් රජයට රේගු බදු අහිමි වෙනවා වගේම ,මුල් ලියාපදිංචි ගාස්තුව ද අහිමිවෙලා තිබෙනවා.

මෙම වාහනය මෙරටට ආනයනය කරලා තිබෙන්නේ 2019 වසරේදී, වාහනය ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2018 වර්ෂයේ ,නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව මෙම වාහනය 2002 වසරේදී මුල් ලියාපදිංචි කර තිබෙනවා.

මුරපද තිබෙන්නේ සැකකරුවන් සතුව, අංක තහඩු නිකුත් කරන්නේ ඉන්ෆෝමැටික් නමැති ආයතනය මගින්,මේ වාහනයට අංක තහඩු නිකුත් කරන්න බෑ කියා කියද්දිත් එයට නියෝග නිකුත් කරන්නේ මෙම සැකකරුවන් විසින්, එම නිසා මෙම සිද්ධීන්ට මෙම සැකකරුවන්ගේ දායකත්වය තිබෙන බවට සනාථ කිරීමට තවදුරටත් විමර්ශන සිදු කළ යුතුයි. සැකකරුවන් නිදහස් කළොත් සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි යි. මෙය පුළුල් විමර්ශනයක්. එම නිසා සැකකරුවන් විමර්ශන අවසන් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සැකකරු වෙනුවෙන් නීතිඥ අනුර චන්ද්‍රසිරි සමග නීතිඥ හේමන්ත ගමගේ මහත්වරුන් අධිකරණයේ කරුණු දැක්වූහ.

නීතිඥ හේමන්ත ගමගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ වෙනත් රජ්‍ය ආයතනයකට අනුයුක්තව කටයුතු කරන තම සේවා දායකයා ප්‍රතිපත්තිමය තීරණ අනුව කටයුතු කරමින් වාහන සඳහා අංකු තහඩු නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ලියාපදිංචි කර ඇති වාහනවලට වසර ගණනක් තිස්සේ අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අභියාචනාධීකරණය හමුවේ ව්‍යාපාරිකයන් විසින් රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා,එහිදී ඇතිකරගත් ප්‍රතිපත්ති තීන්දුවලට අනුව වාහනවලට අංක තහඩු නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිඥවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය

ස්වාමීනි සැකකරුවන් දැන දැනම මෙම වැරදී සිදුකර ඇති බවය.වාහන අංක තහඩුව නිකුත් කිරීමේ ආයතනය එම තහඩු නිකුත් කළ නොහැකි බවට පවසා තිබියදී ,එවා නිකුත් කරන ලෙසට සැකකරුවන් විසින් දන්වා ඇති බවද පැවසුවාය.

වාහන අනයනය කළ ව්‍යාපාරිකයන්ද අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් විමර්ශන සිදුකෙරෙන හෙයින් හා සැකකරුවන් විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවද සඳහන් කළාය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව වරදවල් සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළාය.

 



අදහස් (8)

මෝටර් රථ හිටපු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා වැලක්

THUSITHA Wednesday, 02 July 2025 08:10 AM

හොර ගුහාවේ ලොක්කා. මූනෙන් පෙනෙනවා හොරෙක් කියලා.

:       2       29

Bunny Preena Wednesday, 02 July 2025 08:50 AM

වැරදි වැඩ කළා නම්, තහවුරු උනා නම් දඬුවම් විඳින්න වෙයි.

:       2       28

අරවින්ද මොණරවිල Wednesday, 02 July 2025 10:22 AM

කෝ මේ හොරුන්ට එළිපිටම කඩේ යන මහත්වරුන්, පෙනෙනවා නේද ගහලා තියෙන ගැහිලි කරලා තියෙන මගෝඩි වැඩ, අද රටක් හැටියට මේ තරමට හරි ඉතුරු වෙලා තියෙන්නේ ජ.වි.පෙ. ප්‍රමුඛ ප්‍රගතිශීලි ජනතාව එදා ඉදලම වංචාව දූෂණයට හා නාස්තියට විරුද්ධ නැගු හඩ නිසාම බව දැන්වත් තේරුම් ගනිල්ලා !

:       2       36

ගුණරත්න Wednesday, 02 July 2025 10:33 AM

අධිකරණ තීන්දුවක් මත ගත් ප්‍රතිපත්ති තීන්දුවක් මත ලියාපදිංචිකරපු වාහන නම් ඒවා වංචාවක් වෙන්නේ කොහොමද? අධිකරණ තීන්දුව නොසලකා හැරියා නම් කොමසාරිස් හිරේ යන්නේ අධිකරණයට අපහාස කළා කියලා නොව

:       24       2

Ruwan RWednesday, 02 July 2025 12:47 PM

ගුණේ ඔලුවෙන් හිටගෙනද නිවුස් කියවන්නේ..

:       0       9

de silva Wednesday, 02 July 2025 11:18 AM

ලංකාවේ මෝටර්රථ, ආදායම් බදු, රේගු, ආගමන විගමන වැනි දෙපාර්තමේන්තු තුළ විශාල අල්ලස් පොකුරු තිබෙන බවත් ඒවා ක්‍රියාත්මක වන්නේ සමුපකාර ක්‍රමයට බවත් ප්‍රසිද්ධ රහසක්, ඉතා දූෂිත බව කියන පසුගිය කාලයේ රට පාලනය කළ දේශපාලන පක්ෂ ගෙදර යවා මාස 10 කට ආසන්න කාලයක් ගත වුණත් ලංකාවේ ආර්ථිකයේ විශාල ප්‍රගතියක් නොපෙන්වීමෙන් පැහැදිලි වෙනවා... මේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා රටේ ආර්ථිකය විශාල ලෙස කඩා වැටී තිබෙන බව... එමනිසා, තීරුබදු, වැට් බදු වැනි විවිධ බදු ජනතාවට පනවා මේ දුෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම නිසා රට විශාල අගාධයකට වැටි ඇති බව., යාලු හිතවත්කම්, ලොකු පොඩිකම් නොසලකා මේ දුෂිත නිලධාරී පැලැන්තියට විරුද්ධව අවන්කවම ක්‍රියාත්මක වීමට හැර රජයට වෙන විකල්පයක් නොමැත. එසේ නොකළහොත් ගෝඨාභය මහත්මයාට මේ රජයටද ගෙදර යැවීමට සිදුවනු ඇත.

:       0       11

R.T.sarath Wednesday, 02 July 2025 11:21 AM

හිටපු පොලිස්පතිට විරුද්ධව බරපතල චෝදනා, ආගමන, විගමන පාලක රිමාන්ඩ්, බන්ධනාගාර ලොක්කා රිමාන්ඩ්, මෝටර් රථ ලොක්කා රිමාන්ඩ්, හොඳ ප්‍රවණතාවයක්, නමුත් අපට සැකයක් තිබෙනවා මේ නඩු ඉදිරියට යාවිද කියලා?

:       1       14

Perakum Wednesday, 02 July 2025 12:23 PM

ඇයි කොමසාරිස් විතරද? ඔතැන ඉන්න හැම කෙනාම හොරු. කට්ටිය එක්කොම ඇතුළට දාලා මාලිමාවේ කට්ටියක් දාගත්තා නම් හරි...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 670 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site