(රෝෂන් තුෂාර)
රේගුවට හොර රහසේ ආනයනය කළ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයකට නීති විරෝධීව අංක තහඩුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් සිවුදෙනකු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, ලිපිකරු ධම්මික නිරෝෂන් හා හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ හා ව්‍යාපාරිකයකු වන මද්දුමගේ ධනුෂ්ක නුවන් ගුණරත්න සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිණි.
ඒ අනුව පලමු දෙවන සහ තෙවන සැකකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියනය බැඟින් වූ ශරීර ඇප දෙකක් හා සිව්වන සැකකරුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාරදෙන ලෙසටද නියොග කළාය.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිස කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවට තරුණු ඉදිරිපත් කළේය.
2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් අංක තහඩුවක් නිකුත් කිරීම හා ඊට ආධාර අනුබල දීම තුළින් රජයට රුපියල් 32268620.00 පාඩුවක් කිරීමේ සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්ට ඇප