
(යොහාන් භාසුර)
නීති විරෝධීව තරග කළේ යැයි වරදකරු වූ ක්‍රීඩකයෙකුගේ විරෝධතාවයක් පිළිබඳ සලකා බලමින් බොරලැස්ගමුවේදී අද (16) පැවැත්වීමට නියමිතව තිබූ එස්.එල්.ඒ.ඩී.ඒ. මෝටර් රථ ශූරතාවලියේ ජයසංකේත ප්රදානෝතසවය කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කළ ඇතැයි වාර්තාවේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියෙකු කිසිදු පරීක්ෂණයකින් තොරව එම ජයසංකේත ප්රදානෝත්සවය කල්දමා ලෙස සංවිධායකයන්ට දැනුම් දී ඇති බවත් එම තීරණය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩාවට දැඩි හානියක් බවත් ක්‍රීඩකයෝ පවසති.
මෙම තත්වය මත ජයසංකේතත ප්රදානෝත්සවය සඳහා වැය වැයකළ කෝටි ගණනක මුදල ද දැඩි අවදානමකට ලක්ව ඇති බව කියන ක්‍රීඩකයෝ බලධාරීන් මෙවැනි තීරණ ගැනීමට පෙර අදාළ පැමිණිල්ලේ සත්‍යා සත්‍යතාවය පිළිබඳ සොයා බැලිය යුතු බව ද ඔවුහු සඳහන් කරති.
පසුගිය නොවැම්බර් මස 23 වැනිදා පැවැති SLADA RACING තරගාවලිවයේදී අදාළ ක්‍රීඩකයාගේ මෝටර් රථය පිළිබඳව ඇතිවූ සැකයක් මත තවත් ක්‍රීඩකයෙක් පැමිණිලි කර බවත් ඒ අනුව සංවිධායකයන් කළ පරීක්ෂණයෙන් පසු රථයේ තරග නීති රෙගුලාසිවලට පටහැනි රථයේ අමතර කොටසක් හදුනාගෙන ඔහුගේ අවසන් තරගයෙන් ලකුණු ඉවත් කළ බවත් ක්‍රීඩකයෝ පවසති.
අවසන් තරගයේ ලකුණු ද සමග පළමු ස්ථානයේ පසුව අදාළ ක්‍රීඩකයාට එම ලකුණු 10 ඉවත් කිරීමත් සමග දෙවැනි ස්ථානයට පත්වීමට සිදුවූ බවද කියන ක්‍රීඩකයෝ ඒ හේතුවෙන් ඔහු මෙම විරෝධතාවය ගොනුකර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළහ.
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල පුද්ගලයෙක් යම් තීන්දුවක් අභියෝගයට ලක් කරන්නේ නම් ඒ පිළිබදව නැවතත් ගැඹුරින් සලකා බැලීම නීතියේ ආධිපත්‍යයයි. එය දෝශ දර්ශනයට ලක් කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ ගතිය නොවේ..