(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 152 කින් පාර්ලිමේන්තුවේදී අද (09) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 02ක් පමණි.

දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රිවරැ දෙදෙනෙක් පනත් කෙටුම්පතට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදේ 11 සිට 6.00 දක්වා පැවැත්විණ.

නිත්‍යානුකූල නොවන ආකාරයට උපයන බවට ධනය සුදු කර ගැනීම වැළැක්වීම මෙම සංශෝධනයේ අරමුණ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම ත් මෙමගින් නිර්මාණය වන බව ඔහු සඳහන් කළේය.