(සුජිත් හේවාජුලිගේ)

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර  අැත.

සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විධිමත් විමර්ශනයක් පැවැත්වීමට කොමිසම තීරණය කළ බව එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා  පැවැසීය

ඒ අනුව ඊයේ (06) දිනයේ මීගමුව බන්ධනාගාරයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  නිලධාරීන් පිරිසක් යොමුකර තිබුණද   ගැටුම්කාරී තත්වය හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නොහැකිවී  තිබිණ

කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේදී  මීගමුව බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම පිළිබද පූර්ණ විමර්ශනයන් ආරම්භ කරන බව නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

මෙහිදී නිලධාරීන් සහ රැදවියන් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොමිසම  බලාපොරොත්තු වෙයි

විමර්ශනයෙන් පසු එ් ගැන පූර්ණ වාර්තාවක්   ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් නිලධාරීන් සහ රැදවියන් 26 දෙනකු මියගොස් 100කට අාසන්න පිරිසක් තුවාල ලැබූහ.