IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මැතිසබේ වහලත් හිල්වෙලා

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී  සභා ගර්භයේ යම් යම් ස්ථානවලට  පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති.

කාලයක් තිස්සේ පිළිසකර නොකිරීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව ඔවුහු සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ බොහෝ අංශ පිළිසකර කිරීමේ මෙහෙයුමක් යුද හමුදාවේද සහාය ඇතිව ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ මෙම ඉදිකිරීම් කටයුතුවලට  ජෙෆ්රි බාවා පදනම නොමිලේ උපදේශන සේවා ලබාදෙයි

එසේම පාර්ලිමේන්තුවේ මුල් සැලැස්මට හානි නොවන පරිදි එහි ඉදිකිරීම් කරන්නැයි එම පදනම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍ය  ආර්. ප්‍රේමදාස මහතා වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීය.

මේ අනුව මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකුවූ ජෙෆ්රි බාවා මහතා එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරා ගැනුණු අතර  ඉදිකිරීම් කටයුතු  ජපන් සමාගමකට පවරනු ලැබීය

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණයකර  ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතුවලදී  දේශීයත්වයට ඉහළ ප්‍රමුඛතාව ලබා දී ඇත

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන්වූ අතර 1982 අප්‍රේල් 29 වැනිදා  ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.



අදහස් (1)

මැතිසබේ වහලත් හිල්වෙලා

ravin Saturday, 06 September 2025 11:46 AM

පහුගිය කාලේ හිටපු හොරුන්ගේ හැටියට වහලේ ඉතුරු වෙලා තියන එකත් ලොකු දෙයක්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 434 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16854 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 660 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site