IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි

(ප්‍රසංග පෙරේරා සහ ගයාන් සූරිය ආරච්චි ) 

වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී ඊයේ (28) දින සොයාගත් බව මහබාගේ පොලීසිය පවසයි.

මහබාගේ රාගම හල්ලන්දුරුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ළිඳක මියගොස් ජලය මත පා වෙමින් තිබියදී මෙම මළ සිරුර සොයා ගනු ලැබිණි.

මිය ගිය ළදැරිය හල්ලන්දුරුව රාගම ලිපිනයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මව විසින්  නිවස අසල පිහිටි ළිඳකට බිළිඳිය විසිකර ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

දැරියගේ පියා වත්තල ප්‍රදේශයේ වාහන අංගනයක සේවය කරන බව ද පොලිසිය පවසයි.

ළදැරියකගේ අතුරදන් වීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව කළ සොයාබැලීමේ දී සීසීටීවී දර්ශන අනුව ළදැරියගේ මව විසින් ඇයව වඩාගෙන දැරිය මියගොස් සිටි ළිඳ පිහිටි නිවස දෙසට ගමන් කරන අයුරු නිරීක්ෂණ වී තිබේ.

ළදැරිය මියගොස් ඇති ආකාරය සැක සහිත බැවින් වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ ස්ථානීය පරීක්ෂාවකින් පසුව දේහය පිළිබඳ පශ්චාත් අධිකරණය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය රාගම රෝහලට රැගෙන යන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.

සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



අදහස් (0)

නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි
2024 මැයි මස 15 380 0

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
2024 මැයි මස 15 175 0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ


ඇමෙරිකානු ආයතනයක පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹයි
2024 මැයි මස 15 697 0

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද


සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
2024 මැයි මස 15 1085 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ


‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 654 2

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 932 1

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 716 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2247 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1926 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site