(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය වන මාලිනී ෆොන්සේකා කලාවට කළ මෙහෙවර කිසිදා අමතක කරන්නට නොහැකි බව සභානායක, ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
සභා නායකවරයා මෙසේ කීවේ හෙළයේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මිය පිළිබඳව පාර්ලිමේන්තු ශෝක යෝජනාව සභාවට ඉදිරිපත් කරමිනි.
"ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2010 දී මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තුවට ආවා.කලාවට කළ සේවය නිසා එතුමිය හෙළ නිල රැජිණ යනුවෙන් විරුදාවලිය ලැබුවා. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ඇයයි.
එතුමිය කලාවට කළ මෙහෙවර කිසිදා අමතක කරන්නට බැහැ.
කලාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ දායකත්වයක් ලබාදීම වෙනුවෙන් 1985 වසරේදී කලාසූරී සම්මානය ද මෙරට සිනමා කර්මාන්තයට කරන ලද සේවය වෙනුවෙන් විශ්ව ප්‍රසාදිනී ඇගයීමේ සම්මානයද එතුමිය වෙත පිරිනමා තිබෙනවා.
1975 වසරෙහි මොස්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තා.1977 වසරේ පැවති පළමු දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව කුසලතා සහතිකය හිමිකර ගත් එතුමිය 39 වන ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආකාස කුසුම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන රිදී මයුර සම්මානයද ලැබුවා.ඇය ලැබූ තවත් ජාත්‍යන්තර ඇගැයුම් බොහොමයි.ජාතික මට්ටමේ සම්මාන අති විශාල ප්‍රමාණයකින් ඇය පිදුම් ලැබුවා.2012 දී ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර ජූරි සභාවේ සාමාජිකාවක් වූ ඇය සී.එන්.ඒ ආයතනය විසින් ආසියාවේ සියලු කාලයන්හි ශ්‍රේෂ්ඨ නිළියන් විසි පස් දෙනාගෙන් කෙනෙකු ලෙසද නම් කරනු ලැබුවා යනුවෙන්ද සභා නායකවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාලිනිය කලාවට කළ මෙහෙවර කවදාවත් අමතක කරන්න බෑ
de silva Friday, 25 July 2025 01:45 PM
මාලනි ෆොන්සේකා කලාවට කළ විශාල සේවය ගැන විවාදයක් නැහැ... කවුරුත් ඒක දන්නවා... මාලනී ෆොන්සේකා වැනි කලාවට සේවය කළ විශාල කළ තවත් කරුවන් පිරිසක් අද රටේ ඉන්නවා.. නමුත් පාර්ලිමේන්තුවේ දින වෙන් කරමින් මේ සියලු දෙනාම මියගියාම ඒ ගැන විවාද කරන්න ගියොත් ඒකට විශාල කාලයක් සහ මුදලක් දරන්න මේ බංකොළොත් රටට බැහැ.. ඔය වැනි අත්‍යාවශ්‍ය නොවන දේවල් නොකර පාර්ලිමේන්තුව රැස්වෙලා රට වැටිලා තිබෙන ආර්ථික සාමාජික ගැටළුවලට පිළියම් යොදන එක නේද හොඳ? කලාකරුවෝ සමරන්න වෙනම උත්සවයක් තියාගන්න.. ඒකට කැමැති කෙනෙක් යන්න.
Perakum Liyanagama Friday, 25 July 2025 02:22 PM
හ්ම්ම්... එක අතකට එහෙම කියන්නත් පුළුවන්... බලන කෝණය අනුව පෙනුම වෙනස් වනබව අමුතුවෙන් කිවයුතු නොවේ...!
MD Friday, 25 July 2025 03:02 PM
ඔව් ඇත්තටම ඵ් වගේම විජය කුමාරතුංග නැමැති කලා රජු අමතක කරන්නත් බැහැනේ. විශේෂයෙන් ඔහුව ඝාතනය කළ සෙට් ඵක කොහොමටවත් අමතක කරන්න එපා. ඝාතන සෙට් ඵකට මොන බලයක් තිබුණත් ඵ් යුග පුරුෂයා මරපු සාපයෙන් ඵ් සියලු බල ශුන්‍ය වෙලා යනවා බොහෝම ඉක්මණින්ම...
sene Friday, 25 July 2025 03:12 PM
අපි මැරිලා ඉපදිලා නැහැ. අපට මතකයි දණහිස්ස කී දේ...