(අංජුල මහික වීරරත්න)
මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකිකයින් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සහ විශේෂයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු පැන නැගීම බහුල ව නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව, 2025 අයවැය යෝජනාවක් පරිදි, මානසික සෞඛ්‍ය ගැටලු විසැඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ.
ඒ යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍ය කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන්, රෝහල් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
මානසික සෞඛ්‍ය ගැටලු විසඳන්න මිලියන 250ක්
යෝගා Wednesday, 27 August 2025 07:08 PM
අනේ අර අසරණ පාපිසි 159හේ මානසික ගැටලු වලට පිහිටක් වෙන්න. ඒ අයව හිරකාරයෝ වගේ තියාගෙන පඩියත් මංකොල්ල කනවලු එක්තරා පක්ෂ මූලස්ථානයක්.