තංගල්ලේ හෝටලයකදී පසුගිය 2011 නත්තල් දින මරා දැමූ පෙම්වතා වූ කුරාම් ෂයික් (32) බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතියට අත් වූ ඉරණම ගැන පළමුවරට ශ්‍රී ලංකාවේ දී කතා කළාය. කුරාම් රතු කුරුස සේවකයෙකි. පෙම්වතිය වික්ටෝරියා ටිකවේවා සිය නමින්ම එදා සිද්ධිය විස්තර කළාය. මැර කල්ලියක් තමා කෙළසූ හැටි ඇය කීවාය. 2009 දී කුරාම් හමුවී තංගල්ලේ නේචර් රිසෝර්ට් හෝටලයට පැමිණි ආකාරය ද ඇය සඳහන් කළාය. කුරාම් මියගිය බව ද , තමා නිරුවත් කැර කාමරයේදී කෙළසූ බව ද සිහිපත් කළ ඇය තමන්ට සාධාරණය ඉෂ්ඨ නොවෙතියි කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කරන කිසිවෙකුට ස්ත්‍රී දුෂණ වලට, ළමා අපචාර වලට, මිනීමැරුම් වලට කවදාවත් දඩුවම් ලැබෙන්නෙ නැද්ද? (නි)
අනේ ළමයෝ, ඉස්සර භිෂණය තිබුණේ උතුරේ. නමුත් දැන් දකුණේ. අපි ජිවත් වෙන්නෙත් බොහොම බයෙන් (නි)
මේගොල්ලන්ට දඩුවම් නැතිවෙයි. අපි දැන් ආශ්චර්යයටනේ යන්නේ නංගී. (නි)
මානව හිමිකම් කඩනවා කියල අපි ලෝකේ ඉස්සරහ හැල්ලුවට පත්වෙන්නේ මේ වගේ නිතිය හරියට ක්‍රියාත්මක නැති නිසා. එත් ඒ ඔක්කොටම වඩා රටේ ලොක්කන්ගේ නෑදෑකම් ලොකුයි. රටට විනයක් තියන නායකයෙක් ඕනේ එක නිසයි. (අ)
දේශපාලන බලවතකුට එරෙහිව මොන නීතියක්ද මේ රටේ ? (අ)
මේ ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි (අ)
කවදා හෝ සොබා දහම සාධාරනය ඉටු කරාවී නෝනා. (නි)
මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. ගියසතියේ පිහි ඇනුමක් වෙලා දෙන්නෙක් මැරුනා. අදත් ඔය පැත්තේ බෝම්බයක් පුපුරලා ,කප්පම්කාරයෝ වැහි වැහැලා. (නි)
ලෝකේ යන්නේ ඔය විදියට. මීට ඉහළින් තියෙන ප්‍රවෘත්තිය බලන්න. 24ක් වයස තරුණියක් මරලා. ඒ මළකද සමග සංසර්ගයේ යෙදිලා.මානව හිමිකම් ගැන කතාකරන ඇමරිකාව කරන්නෙත් තිරිසනුන් පවා නොකරන දේවල්. (නි)
ආසියාවේ ආශ්චර්යය නොවැ. (නි)
මේක දැන් නැතිවේවි ; මේ දේශපාලනය තම රටට හෙන ගහල තියෙන්නේ (අ)
රටේ නීතියක් යුක්තියක් හරියට නැතිබව ඇත්තයි, වැරදි අඩුපාඩු සිදු වුණහම සමහර අය මුළු රටවැසියාවම දිහා අපහාසෙන් බලන්නේ ඇයි ? කොයි රටෙත් කවදත්, කොතෙකුත් මෙවැනි ජඩ සිදුවීම් වෙනවා , පාරේ වාහන දාහක් අනතුරක් නොවී ගියත් හැප්පුන වාහන දෙක ගැනමයි කතාව.. (නි)
වැරදි කරපු කිසි කෙනකුට හොදින් ජිවත් වන්න බෑ. එහම වුනත් ඒ ටික දවසයි (අ)
රට ගැන හිතෙන්නේ අන්තිම කලකිරීමක්.අපි දැක්කනේ පහුගිය දවසක මීරිගම මනුස්සයෙක්ව මහපාරේ බිම දල ඇඟට මුත්‍ර කරපු අපේ දේශ මමකයන්.කෝ අපිට නීතියක්? (අ)
මේ වගේ ජරා වැඩ කරන අය නම් අපේ රටේ නඅඅහ නංගී. ඒ සමහරවිට කතරගම යන්න පැමිණි විදේශීය මැර කල්ලියක් වෙන්න ඇති! (නි)
ඔන්න ලංකාවට ළකුණු. මෙයාලාගේ දෙමවුපියන්වත් ගස් යවන්න එපැයි. (නි)
කවදාවත් ගොඩ යන්නේ නැති රටක, නීතියක් නැති, පොලිසියක් නැති, වල්වැදුණු රටක ඔබ සාදාරණයක් බලාපොරොත්තු වීම විහිළුවකි. (නි)
අර කෙනා නිදැල්ලේ. ඉතින් කොහොමද ඉශ්ඨ වෙන්නේ සාධාරණේ? නංගී මේ " ආශ්චර්යමත් ලංකාව". (නි)
ඩේලි මිරර් එකේ විස්තරේ දාල තිබුණත් ගමේ අපි කොහොම ඉංගිරිසි කියවන්න ද.....? ඒ ටික මේකේ සිංහලෙන් දාන්නකෝ. (නි)
"ආශ්චර්‍ය" ක තරම? (නි)
ඔය දෙකට කැඩිලා තිබෙන අර අහවල් සේනාවට මෙයාලට විසඳුමක් ලබා දෙන්න බැරිද. (නි)
ඇයට කියන්නට ඇත්තේ මේ සිරි ලංකාවේ ඔවැනි දෙයකට සාදාරණයක් ඉෂ්ට වීම සිහිනයක් බවය. (නි)
ඔබ වැරදියි වික්ටෝරියා. ඔබව කෙලසුවේ මැරයෝ කියල අපහාස කරන්න එපා. ඒ අය වැදගත් ප්‍රාදේශීය දේශපාලකයෝ. අනාගතේ මැති ඇමතිවරු වෙන්න බලාගෙන සුදුසුකම් එකතු කරන කට්ටිය. (නි)
මේ තැනැත්තියගේ කතාව ඇහුවම අපිට අපි ගැනම කළකිරීමක් ඇති වෙනවා. මේ වගේම අසාධාරණයට ලක් වුණ අසීමිත ගණනක් අපේ රටේත් ඉන්නවා. සාධාරණත්වය කියන වචනයට අපි අලුතින් තේරුම් හදන්න ඕනෑ. ඉස්සර ඒ වචනයට තිබුන තේරුම දැන් වෙනස් වෙලා. අපි හැම විටම ලෝකෙට පරකාසේ. ඒත් .........ඔබ වෙනුවෙන් සහ අසාධාරණයට ලක් වූ හැමට යුක්තිය ඉටුවේවා කියල පතනවා. (නි)
කවදාවත් සාධාරනය ඉටුනොවුණත් ලෝකය අවදියෙන් සිටින බව මතක තියා ගන්න. (නි)
ඔබට සිදුවුණ අසාධාරණය ගැන අපිට කණගාටුයි සොයුරිය. (නි)
සාමාන්‍ය ජනතාව නම් කියන්නෙ රජකාලෙ දඩුවම් දෙන්න ඕනෑ කියලා. කොහෙද ඉතින් පේන විදියට ලංකාවෙ ගොඩක් අයටත්, මේ වනචාරි වැඩේ කරපු තිරිසනුන්ටත් අම්මල සහෝදරියෝ නැහැ වගේ. මට නම් ලැජ්ජාවයි තරහයි වාවගන්න බැහැ. කටක් ඇරලා කියන්නෙ කොහොමද මගෙ රට ලංකාව කියලා? (නි)
මිනීමරුවෝ නිවැරදිකාරයෝ වෙනවා, මැරිච්ච අය වැරදිකාරයෝ වෙනවා. මේ ආශ්චර්යවත් රටේ ඕවට සාධාරණය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වැනියි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේවට විජාතික කුමන්ත්‍රණ කිය කියා රට වටේ ගිහින් වැඩක් නැහැ. අපි ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්නන්න ඕනෑ අපේ රටට සංචාරකයන්ට ආරක්ෂිතයි කියලා. මේවයින් වෙන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න පොඩි මිනිහට යන එන මං නැති වෙන එක (නි)