(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටින හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ නිවසට ගියේය.
"පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා බැහැ කීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහින්ද - වාසු බලන්න යයි
මැක්ස් Wednesday, 10 September 2025 05:07 PM
මොවුන් ගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ මෙලෝ අලබෝලයක් දෙයක් නොදන්නා කීබෝඩ් ඩෝබිවරුන් දැන් ඉතින් නා නා ප්‍රකාර දේ කොටනු ඇත...
nipuna Wednesday, 10 September 2025 05:08 PM
දෙදෙනාම එකම පාසලේ ඉගෙනගෙනත් තියෙනවා. වාසුගේ සිංහ නාදයට මං තවමත් ආසයි.
Neel Wednesday, 10 September 2025 05:16 PM
ඔබතුමාත් ඔය විදිහට සතුටින් ඉන්න. හැමෝම ගරු කරයි.
වින්සන්ට් කජ්ජාWednesday, 10 September 2025 05:59 PM
ඒ කාලෙ පැන්නා. දැන් කෙල පාරවල් තමයි.
ජිල්බු Wednesday, 10 September 2025 05:34 PM
පස්සෙ දොරේ ජනාධිපතිත් ගියා නම් අර නම ආයෙත් අහගන්න තිබුණා.
ගල්පර Wednesday, 10 September 2025 06:06 PM
රාජපක්ශලාගේ කුණු හෝද හෝද පාර්ලිමේන්තුවට රිංගලා වරප්‍රසාද විඳ විඳ රටට මෙලො දෙයක් කරලා නෑ. ලැජ්ජයි කියන්න.