IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


මහාමායාවන්ගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ

(අංජුල මහික වීරරත්න)

නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අද (13) ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.

ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය හා පාර්ලිමේන්තුවේ කාර්යභාරය මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදා කර දී තිබිණි.

නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි. 

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ජේ.එම්.විජේබණ්ඩාර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර, නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ඩී.ආර්.ඩී වානගුරු මහත්ම මහත්මීහු සහ ගුරුවරු,මාපියෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

මහාමායාවන්ගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1347 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 493 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 589 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site