IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහින්දගේ වෙඩි නොවදින රථයත් බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ  මනෝජ්  ගමගේ මහතා පැවසීය.

මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ  පාවිච්චියට  මේ වනවිට එකම  වාහනයක් හෝ නොමැත

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.

එසේම  හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී  ගොස් අැත

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඹහු  පදිංචිව සිටි කොළඹ  විජේරාම මාවතේ රජයේ  බංගලාෙවන් පසුගිය 11 වැනිදා   තංගල්ලේ කාල්ටන් නිවෙසට පිටව ගියේය.



අදහස් (17)

මහින්දගේ වෙඩි නොවදින රථයත් බාරදෙයි

ගුණරත්න Friday, 03 October 2025 08:16 PM

කොටි ත්‍රස්තවාදීන් ඉන්නවා පළිගැනීමේ චේතනාව සහිතව, ඔවුන් මොකක් හරි කලොත් මොකද වෙන්නේ? ආණ්ඩුවට ඕනෑත් එයමද?

:       0       0

Lucky Friday, 03 October 2025 08:43 PM

දැන් මරන්න කවුරුත් එන්නේ නැහැ

:       0       0

Chinthaka Herath Friday, 03 October 2025 09:24 PM

මම මේකට එකෙන්ම විරුද්දයි.

:       0       0

Nandalal DE SILVA - France Friday, 03 October 2025 10:21 PM

නාකි මයිනෙක් මරලා පව් පුරවා ගන්න කැමැති කෙනෙක් අද අපේ ශ්‍රී ලංකාවේ නැහැ හාන්දුරුවනේ. ඔය වාහනය නිල වශයෙන් දැනට ක්‍රියාකාරීව සිටින ජනාධිපතිතුමා පාවිච්චි කරන්න අවශ්‍ය වාහනය මිස නිකමෙකුගේ සුඛ විහරණය පිණිස දිය යුතු එකක් නොවෙයි...

:       0       0

Lalith Friday, 03 October 2025 10:26 PM

දැන් වෙඩි තියන කට්ටිය ඔක්කොම අහුවෙලානේ ඉන්නේ?

:       0       0

Nandalal DE SILVA - France Friday, 03 October 2025 10:28 PM

ගැරඩි මරලා පව් ගන්න ඕන රටක් නොවෙයි... වර්ථමාන ශ්‍රී ලංකාව.... කොහොම වුනත් මැදමූලන ඉලව්වේ හැරමිටි මයිනා ඔය වාහනය බලෙන්ම වසරක් තබා ගත්තා කියලා අපි අමතක කළේ නැහැ.

:       0       0

චතුරි Friday, 03 October 2025 11:15 PM

නාකි මයිනා පාන්කඩ ආන්ඩුවක් කිව්වෙ මේවාට වෙන්න ඇති. ලන්කාව වටේම නිවාඩු ගන්න හිතන් හදපු මාලිගා. සේරම. ආන්ඩුව අතෙ. අපොයි මයිනට වුන දෙයක්.

:       0       0

Siribiris Saturday, 04 October 2025 12:48 AM

ගෙදර භාර දෙන්නේ කවදද ?

:       0       0

Perera Saturday, 04 October 2025 01:58 AM

වාහනේ මෙයාට තියාගන්න දීලා සියලු නඩත්තු වියදමුත් මෙයාට පුද්ගලික වියදමින් කරගන්න කිව්වා නම් වඩාත් යෝග්‍යයි

:       0       0

Don perea Saturday, 04 October 2025 02:00 AM

කොහොම හරි මේ මනුස්සයාව මරනවා. මේකට පාර කපලා ඉවරයි.

:       0       0

ජිල්බු Saturday, 04 October 2025 06:55 AM

කෝකටත් ඇතුලේ ඉන්ඳවල චෙක් කරලම බාරගන්න.

:       0       0

මංබයියා Saturday, 04 October 2025 08:35 AM

යතුර විජේරාමේ කාණුවේ වැටිලා. තාම බාරදෙන්න විදිහක් නෑ.

:       0       0

Wanniarachchi Saturday, 04 October 2025 08:53 AM

ඉතිරිවෙන සල්ලිවලින් රට ඉතා සීග්‍රයෙන් දියුණුවන නිසා ලොකු අවුලක් නෑ

:       0       0

වත්සි Saturday, 04 October 2025 09:00 AM

පලි ගැනීමේ කලාව ප්‍රගුණ කළ අනුර ප්‍රමුඛ මාලිමා නායකකාරකාදීන්ටත් ඔවුන්ගේ සට්ටැඹියනටත් හැර අඩු තරමේ ප්‍රභාකරන්ගේ ගුණ වයන ඊලාම්වාදීන්වත් මෙවැනි අවරගණයේ ක්‍රියා අනුමත නොකරනු ඇත.

:       0       0

ලොක්ක Saturday, 04 October 2025 11:04 AM

කවුරුත් ඔහුට හිරිහැර කරන්නෙ නැ, පාක්ෂිකයොයි පවුලෙ අයයි හැර

:       0       0

අරුණි Saturday, 04 October 2025 11:25 AM

රටට මෙලෝ වැඩක් නැති, ඒ නිසාම පිස්සෙක්වත් වෙඩි නොතියන, රට ආපස්සට අදින දෙමළ ඩයස්පෝරාවේ හිතවතා යනවා වෙඩි නොවදින රථවලින්.

:       0       0

SIRI Saturday, 04 October 2025 09:01 PM

සතියේ වැළපීම" "වෙඩි නොවදින වාහනය නැතිවුණු එක ජීවිත ආරක්ෂාවට තර්ජනයක්..."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site