IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුදට වැටුණු යානය 15 වසරකට පසු ගොඩ ගනී

වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහිපයක් ඉරණතිව් දූපතට මුහුදු සැතපුම් හතරක් උතුරින් පිහිටි ස්ථානයකින් සෙනසුරාදා ගොඩ ගැනීමට යයි.

කාර්ය මණ්ඩලය ද, රුසියා ජාතික ගුවන් නියමුවන් හතර දෙනාද  ඇතුළු 61 දෙනෙක් මේ අනතුරින් මරුමුවට පත් වූහ.

යානය කෑලි 16කට කැඩී ඇති බව කිමිදුම්කරුවෝ අද සොයා ගත්හ.

උසාවි නියෝගයකින් මේ යානය ගොඩ ගෙන ත්‍රිකුණාමල නාවික හමුදාව වෙත ගෙන ඒමට නියමිතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක, නීතිපති, මිනුම්පති, පොලීසිය හා හමුදාව ද මේ අවස්ථාවට සහභාගී වෙයි.



අදහස් (0)

මුහුදට වැටුණු යානය 15 වසරකට පසු ගොඩ ගනී

දිල්රුක් Friday, 10 May 2013 08:34 AM

මියගිය අයගේ මානව හිමිකමුත් මෙත් එක්කම ගිලිලා ඇති නේද?(නදී)

:       0       0

ස.පිටිගල Friday, 03 May 2013 07:25 PM

මම මේ නොදන්නා නිසා අහන්නේ. මේවට මානව හිමිකම් කැඩෙන්නේ නැද්ද? (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 04 May 2013 10:44 AM

මේවට වග කියන්න ඕනා අය දැන් ඇමතිකම් කරනවා. ඹවුන්ට රජසැප ත්‍රස්තවාදය ඉවරකරලා අපේ නායකයෝ හිරගවල් වල දුක් විදිනවා.(නදී)

:       0       0

අරුණ Saturday, 04 May 2013 11:24 AM

අනර්ඝතම නිර්මානයක නෂ්ටාවවේශ... (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 03 May 2013 08:59 PM

ජීවිත 61 ක් බිලිගත් කොටි යක්ෂයින්ටත්, ඔවුන් ආරක්ෂා කරන ජය ලලිතා යකින්නටත් ශාප වේවා!(නදී)

:       0       0

උපුල් Saturday, 04 May 2013 01:17 PM

වැඩේ ඇත්තටම බොරු වැඩක් නෙවේ. .(ස)

:       0       0

පාලිත Friday, 03 May 2013 10:37 PM

අර හැමදේටම හයියෙන් කතා කරන කට්ටිය මේවා ගොඩ ගන්නකොට මොකද්ද දන්නේ නැහැ කියන්නේ.(නදී)

:       0       0

හේරත් Friday, 03 May 2013 11:21 PM

පිස්සුද දෙයියෝ....මානව හිමිකම් තියෙන්නේ ලෝකේ පුරා විහිදිලා ත්‍රස්තවාදය රකින සල්ලි තියෙන මහා ජාති වලට විතරයි. ලාංකික වගේ ලෝකේ සුළු ජාතින්ට මානව හිමිකම් නැහැ බොලව්. අපි ලංකාවේ මහා ජාතිය වුණාට ලෝකේ වදවෙන ජාතියක් විතරයි. (නි)

:       0       0

විතානගේ Friday, 03 May 2013 04:18 PM

මියගිය සියල්ලටම නිවන් සුව! (නි)

:       0       0

ජූඩ් Saturday, 04 May 2013 01:01 AM

තැන පෙන්නුවේ මහ ඇමති කරන්න යන කෙනාද ? (නදී)

:       0       0

සමන් - ඕමානය Saturday, 04 May 2013 01:10 AM

ආ මට අමතක වුනා. ලෝක ප්‍රජාව කියන අයටයි. එන්.ජී.ඕ කට්ටියටයි ඕවා අදාළ නෑ නොවැ. ඒගොල්ලෝ හොයන්නේ කොටි වැනසුණු දිනේ ඉඳන් දවස් කීපයක් පස්සට දේවල් විතරයි නොවැ.(නදී)

:       0       0

හේරත් Wednesday, 08 May 2013 07:35 AM

දැන් මුකුත් දන්නේ නැහැ වගේ ඉන්න සමහරුන්ටත් මේවට වගකියන්න වෙනවා නේද? (නි)

:       0       0

ෆාතිමා Saturday, 04 May 2013 03:40 AM

අයියෝ සල්ලි! (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 03:08 PM

කතාව සල්ලි සල්ලි සල්ලි. යුතුකම් සිහිවටන බොරු. අනේ ලෝකේ වනේ වාසේ.(නදී)

:       0       0

උපාලි Saturday, 04 May 2013 03:44 AM

වැඩේ හොඳයි. නමුත් දරන වියදමේ හැටියට ලැබෙන ප්‍රයෝජනයක් නැහැ නේද? මොකක්ද අරමුණ? (නි)

:       0       0

සෑම් Tuesday, 07 May 2013 05:52 PM

ඔන්න අනිත් හැම දේම අමතක කරන්න හොද මාතෘකාවක්. විදුලි බිල, දුමින්ද, වැලි ගෝනි මට මොකුත් මතක නැනේ.(නදී)

:       0       0

ජ.හේරත් Saturday, 04 May 2013 04:41 AM

මේක බොහොම හොඳ වැඩක්. මොකද සුමානෙන් හැමදේම අමතක වෙන අපේ මිනිසුන්ට මේවා ගොඩ අරන් සංරක්ෂණය කරලා තිබුනොත් දකින වෙලාවටවත් මතක් වෙයිනේ මේ වගේ දේවල් මේ රටේ වුණා කියලා. (නි)

:       0       0

ටුආන් Friday, 03 May 2013 05:27 PM

දැන් මේවා සොයලා මොනවා කරන්නද? (නි)

:       0       0

අනුර Friday, 03 May 2013 05:35 PM

ඕවා පෙන්වන්න විපක්ෂයට තව කාලයක් යයි. යුද්දේ තිබුනා නම් සිතියමත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

දිනුෂි Saturday, 04 May 2013 07:48 AM

සල්ලි වලට කරන්න දේවල් නැහැනේ ලංකාවට. (නදී)

:       0       0

චමිල Monday, 06 May 2013 04:10 PM

මේවාට සම්බන්ධ වී සිටි දැන් නිලතල දරන අයගේ දැන් අදහස් කොහොමද කියලා දැන ගන්න කැමතියි‍.(ස)

:       0       0

ම. සමන් පෙරේරා Friday, 17 May 2013 06:07 PM

මෙම පුවත් පතට අපි හරි කැමතියි. හොඳට අප රටේ විස්තර දැනගන්න පුළුවන්. මෙම පුවත් පතට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

රත්න Saturday, 04 May 2013 04:30 PM

මේවායි කෑල්ල ගානේ කේ. පී. මහත්තයාට, කරුනා මහත්තයාට, පිල්ලෙයාන් මහත්තයාට, දයා මාස්ටර් මහත්තයාට යවන්න අමතක කරන්න එපා. එයාලා කල දේ, අපේ ලොක්කොන්ට වගේම ඒයාලටත් අමතක වෙයි නැතිනම්.(නදී)

:       0       0

දයා අලහකෝන් Saturday, 04 May 2013 04:47 PM

මිය ගිය 61 දෙනාගේ ඇට සැකිලිත් ගොඩ ගනීද පරීක්ෂණ කිරීමට (ස)

:       0       0

නිමල් රාජපක්ස Saturday, 04 May 2013 05:48 PM

මියගිය අයගේ පවුල් වලට දන්වා ඔවුන් ද සමග සහභාගි කරවාගෙන සිහිපත් කරන්න මෙතනදීම. (නි)

:       0       0

නිමල් රාජපක්ස Saturday, 04 May 2013 05:52 PM

මැරුණු අයගේ ඇට කැබලිවත් හොයා ගත්තොත් මැරුණු දෙමල වැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 3 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site