IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාවතේ දරුවනට සඟ සරණයි

2009 ජුනි 11 වැනිදා බොරැල්ල ගෝතමී පාරේ  ලක්විදු  විදුහල ඇරැඹුනේ ජීවිතයට හිමි සියලු රැකවරණ අහිමිව  මාවතක් මාවතක් ගානේ තනිවුණූ  මාවතේ දරුවනට ශිල්ප ලබා දීමේ පරමාර්ථයෙනි. ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ  සත්කාර්යෙහි ලා  පුරෝගාමී වුහ.

 උපන්දා සිට කොණ්ඩය නොකැපු පාසලට ඇදගෙන එන්නට ඇදුමක් නොතිබු  මාවතේ දරුවනට ලක්විදු සෙවණේදී  දයාවත් කරුණාවත්. සමඟ  බොහෝ දේ හිමි විය.

 උප්පැන්න සහතිකයක් හා ස්ථීර ලිපිනයක් නොමැති මේ දරුවන්ට රජයේ පාසලකට ඇතුළුවීම සිහිනයක්  පමණක් වුවත්  ඒ සිහිනය සැබෑ කිරීමටද ඇල්ලේ ගුණවංශ හිමියෝ කැපවී සිටිති.

එහෙත්  මේ දරුවන්ට නවාතැන් දෙන්නට නාවාතැනක් නොමැතිකමින්  අදටත් මේ දරුවන්  පාසල ඇරී  නැවත යන්නේ  මාවතේ ජීවිතයටමයි.එහෙයින් ඇල්ලේ ගුණවංශ හිමියන් අද  වෙහෙසෙන්නේ  මේ දරුවන්ට ස්ථිර නවාතැනක්  ලබා දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම මේ දරුවන්ට ඉගැන්වීමටය.

(ලක්විදු විදුහල් භාරය,ධර්මායතනය,381 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයත් [email protected] යන විද්‍යුත් ලිපිනයත් ,   www.dharmayathanaya .com යන වෙබ් ලිපිනයෙන් ඒ දරුවන් පිළිබදව වැඩි තොරතුරු දැනගැනීමට හැකි බව ගුණවංශ හිමියෝ කියති.



අදහස් (0)

මාවතේ දරුවනට සඟ සරණයි

රියාල් Monday, 06 May 2013 06:26 PM

රහසිගතව උදව්කරන්න තී දෙනෙක් නම් අප සමාජයේ ඉන්නවද?  අදයි ලංකාදීපේ එසනින් දැනගත්තේ. මමත් ව්‍යාපාරයක් පටන් අරගෙන ගොඩක් අසරණ වෙලා ඉන්නකොට උදව් කලේ මෙවැනිම හදවතක් ඇති උතුම් මිනිසෙක්.(නදී)

:       0       0

චන්දිම Friday, 10 May 2013 07:44 PM

අපි දරුවන්ට උදව් කරන්න කැමතියි. කරුණාකර දුරකතන අංකයක් ලබා දෙන්න.(නදී)

:       0       0

ඩිල්ශානි Monday, 06 May 2013 07:00 PM

ඔබවහන්සේගේ සියලු පැතුම් ඉෂ්ට වේවා! දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 06 May 2013 07:09 PM

ඈල්ලේ ගුනවංශ හිමියනි, ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා! ඇස් වලට කඳුලු ආවා, මේ කතාව අහලා. ඔබ වැනි හිමිවරුන් අප රටට අවැසි මොහොත මෙයයි (නි)

:       0       0

සම්පත් Monday, 06 May 2013 07:20 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. සැණකෙලි වලට වියදම් කරන සල්ලි වලින් මේ අසරණ දරුවන්ට නිවසක් තනා දෙන්න. අපේ විමල් ඇමතිතුමාට මේ ගැන දැනගන්න සැලැස්සුවොත් එතුමා උදවුවක් කරාවී. තෙරුවන් සරනයි සියලු දෙනාට... (නි)

:       0       0

මොහමඩ් Monday, 06 May 2013 07:31 PM

මේ වගේ දේවල් බලනකොට ලාංකිකයෙක් විදියට මට ආඩම්බරයි. ඒ වගේම සමහර දේවල් ගැන අහනකොට මට ලාංකිකයෙක් හැටියට දුකයි. (නි)

:       0       0

ruiwni Tuesday, 07 May 2013 11:03 AM

ගරුතර සුවාමීන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරමි. මේ නොදරුවන් අතර අති දක්ෂ දරුවන් ඇති. ඔබටවහන්සේව හැකි තරමින් මේ පොඩිත්තන්ට උගන්වන්න. දායකයොත් එකතුවී ආදාර උපකාර කරන්න. අනේ අපේ රටේ අනිත් හාමුදුරුවරුත් මේවගේ දේවල් කරන්න හිතනවානම් කොච්චර හොදද? මේ වගේ, අසරණ වෙච්චි මව්වරුන් ඉන්නවා දුදරුවෝ එක්ක එයාලට ස්වයං රැකියා මගවල් හදා දෙන්න පුළුවන් නම් වටිනා දෙයක්. මේ සිය දිවි නසා ගැනීමත් දැන් ලංකාවේ වැඩිවෙලා. (ස)

:       0       0

මුතුකුඩ Monday, 06 May 2013 09:46 PM

ප්‍රේමදාස මහත්තයාගේ කාලයේත් මේ වගේ උතුම් වැඩක් පටන් ගත්තා වගේ මතකයි. නමුත් වැඩක් ආරම්භ කළා වගේ නෙමෙයි, එහි අවසානයේ ස්ථීරසාර විසදුමක් සාර්ථකත්වයක් සුබවාදී පැවැත්මක් ඒ තුල පැවතිය යුතුයි. (නි)

:       0       0

මුතුකුඩ Monday, 06 May 2013 09:46 PM

ප්‍රේමදාස මහත්තයාගේ කාලේ මේ වගේ උතුමි වැඩක් පටන් ගත්තා වාගේ මතකයි. නමුත් වැඩක් ආරම්භකලා වගේ නෙමෙයි එහි අවසානයේ ස්ථීරසාර විසදුමක් සාර්ථකත්වයක් සුබවාදී පැවැත්මක් ඒ තුල පැවතිය යුතුයි. නැතිනමි එය පුවත්පතට වාර්ථාවන්ට සහ පිංතුර රාමුවලට පමනක් සීමාවෙයි.(නදී).

:       0       0

අරුණ Tuesday, 07 May 2013 11:23 AM

පොඩිවුන් දන නමා වැඳවැටී ඉන්නා විට අයගේ තියෙන සංවරකම සිහිනෙකින්වත් නොසිතුනු පැහැබරඅනාගතයකට මුලපිරු ඔබවහන්සේ යම් දවසක මතු බුදු වේවි. ! (ස)

:       0       0

ඉලියාස් Monday, 06 May 2013 11:04 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

සදුනි Tuesday, 07 May 2013 12:30 PM

හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්.අපි කවුරුත් උදව් කරමු.ආගමට හරවා ගත්තා කියන නරක නාමය නොඇසෙන්නට ප්‍රවේශමෙන් කටයුතු කිරීම හොදයි (නි)

:       0       0

චමිල Tuesday, 07 May 2013 12:34 PM

සඳුනි, එහෙම හරවා ගැනීමක් සිදුවුවත් වරදක් වෙන්නේ නැහැ. කුමන ආගමකින් වුවත් මිනිසා යහ මග යැවීමයි සිදු කළ යුත්තේ. (නි)

:       0       0

දිල්හාරි Monday, 06 May 2013 03:47 PM

අනේ පව් අසරණ දරුවෝ.(ස)

:       0       0

විජිතවංස හිමි Monday, 06 May 2013 03:55 PM

ඔබවහන්සේට තෙරුවන් සරණයි. මම දන්වනවා ඔබවහන්සේ මොනතරම් කැපවිමක් කරනවද කියලා අපි ඔක්කොම හැදුනේ ශ්‍රීලංකා මහපිරිවෙනේ මරදානේ ගොඩදෙනෙක් හමුදුරුවොරුන්ගේ වැරදී සොයනවා. අනිත් ආගමික ගොඩ දෙනෙක් අපට ගරහනවා. නමුත් අපි කිසිම බේදයක් නැතුව සැමට පිහිටවෙනවා. (ස)

:       0       0

දයා අලහාකෝන් Monday, 06 May 2013 03:56 PM

සසර පුරා නිදුක් නිරෝගි බව ලැබෙනවා මෙම දරුවන්ට පිහිටවෙන කොයිකාටත්. (ස)

:       0       0

ටිරාන් Monday, 06 May 2013 03:57 PM

මේ කටයුත්ත අන්‍ය ආගමික නායකයෙක් කළොත් මොනවා කියයිද අපේ අයියලා? (නි)

:       0       0

රූපවතී Monday, 06 May 2013 04:00 PM

අපිට හැකි අයුරින් උදව් කරමු මේ අසරණ දරුවනට නවාතැන් ගැනීමට නිවහනක් සාද ගන්න ...? අපේ ජනාදිපති තුමාටවත් පෙනේවිනම් ....? මේ දරුවන්ගේ දුක, රටට අනාගතේ හිරගෙවල් පිරෙනවට වඩා, උන් කුලී වැඩක් වත් හොයාගෙන ජීවත් වේවි මිනිස්කම තුරුළු කරන්, නැතිනම් උන් ලෝකයටම ශාප කරාවී....?(ස)

:       0       0

ගිහාන් Monday, 06 May 2013 04:13 PM

ශාසනය රකින මේ වගේ උතුම් අයත් ඉන්නවා, ශාසනය විනාශ කරන අයත් ඉන්නවා (නි)

:       0       0

අමල් Monday, 06 May 2013 04:20 PM

පාසලක ආරම්භය සිර ගෙවල් කීපයක අවසානය වේ කියන්නේ නිකමටම නොවේ නේද? (ස)

:       0       0

චමිල Monday, 06 May 2013 04:40 PM

මේ හැම දෙනාටම තෙරුවන් සරණයි. ! (ස)

:       0       0

රුවන් Monday, 06 May 2013 05:13 PM

දේශපාලකයන්ට කරන්න බැරි [කිරීමට කැමති නැති] දේ බොහොමයක් ආගමික නායකයන්ට කරන්න පුළුවන්. මෙම උතුම් කටයුත්තට සැමගේම සහය ලැබේවා. (නි)

:       0       0

ස්වර්ණකාන්ති Wednesday, 22 May 2013 02:45 PM

ඔබවහන්සේගේ මෙම සත්කාර්යය සදහා දායක වීමටත්,එකතු වී සේවය කිරීමටත් කැමතියි. මා එයට ඇතුලත් වන්නේ කෙසේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site