2009 ජුනි 11 වැනිදා බොරැල්ල ගෝතමී පාරේ ලක්විදු විදුහල ඇරැඹුනේ ජීවිතයට හිමි සියලු රැකවරණ අහිමිව මාවතක් මාවතක් ගානේ තනිවුණූ මාවතේ දරුවනට ශිල්ප ලබා දීමේ පරමාර්ථයෙනි. ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ සත්කාර්යෙහි ලා පුරෝගාමී වුහ.
උපන්දා සිට කොණ්ඩය නොකැපු පාසලට ඇදගෙන එන්නට ඇදුමක් නොතිබු මාවතේ දරුවනට ලක්විදු සෙවණේදී දයාවත් කරුණාවත්. සමඟ බොහෝ දේ හිමි විය.
උප්පැන්න සහතිකයක් හා ස්ථීර ලිපිනයක් නොමැති මේ දරුවන්ට රජයේ පාසලකට ඇතුළුවීම සිහිනයක් පමණක් වුවත් ඒ සිහිනය සැබෑ කිරීමටද ඇල්ලේ ගුණවංශ හිමියෝ කැපවී සිටිති.
එහෙත් මේ දරුවන්ට නවාතැන් දෙන්නට නාවාතැනක් නොමැතිකමින් අදටත් මේ දරුවන් පාසල ඇරී නැවත යන්නේ මාවතේ ජීවිතයටමයි.එහෙයින් ඇල්ලේ ගුණවංශ හිමියන් අද වෙහෙසෙන්නේ මේ දරුවන්ට ස්ථිර නවාතැනක් ලබා දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම මේ දරුවන්ට ඉගැන්වීමටය.
(ලක්විදු විදුහල් භාරය,ධර්මායතනය,381 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයත් [email protected] යන විද්‍යුත් ලිපිනයත් , www.dharmayathanaya .com යන වෙබ් ලිපිනයෙන් ඒ දරුවන් පිළිබදව වැඩි තොරතුරු දැනගැනීමට හැකි බව ගුණවංශ හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහසිගතව උදව්කරන්න තී දෙනෙක් නම් අප සමාජයේ ඉන්නවද? අදයි ලංකාදීපේ එසනින් දැනගත්තේ. මමත් ව්‍යාපාරයක් පටන් අරගෙන ගොඩක් අසරණ වෙලා ඉන්නකොට උදව් කලේ මෙවැනිම හදවතක් ඇති උතුම් මිනිසෙක්.(නදී)
අපි දරුවන්ට උදව් කරන්න කැමතියි. කරුණාකර දුරකතන අංකයක් ලබා දෙන්න.(නදී)
ඔබවහන්සේගේ සියලු පැතුම් ඉෂ්ට වේවා! දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)
ඈල්ලේ ගුනවංශ හිමියනි, ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා! ඇස් වලට කඳුලු ආවා, මේ කතාව අහලා. ඔබ වැනි හිමිවරුන් අප රටට අවැසි මොහොත මෙයයි (නි)
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. සැණකෙලි වලට වියදම් කරන සල්ලි වලින් මේ අසරණ දරුවන්ට නිවසක් තනා දෙන්න. අපේ විමල් ඇමතිතුමාට මේ ගැන දැනගන්න සැලැස්සුවොත් එතුමා උදවුවක් කරාවී. තෙරුවන් සරනයි සියලු දෙනාට... (නි)
මේ වගේ දේවල් බලනකොට ලාංකිකයෙක් විදියට මට ආඩම්බරයි. ඒ වගේම සමහර දේවල් ගැන අහනකොට මට ලාංකිකයෙක් හැටියට දුකයි. (නි)
ගරුතර සුවාමීන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරමි. මේ නොදරුවන් අතර අති දක්ෂ දරුවන් ඇති. ඔබටවහන්සේව හැකි තරමින් මේ පොඩිත්තන්ට උගන්වන්න. දායකයොත් එකතුවී ආදාර උපකාර කරන්න. අනේ අපේ රටේ අනිත් හාමුදුරුවරුත් මේවගේ දේවල් කරන්න හිතනවානම් කොච්චර හොදද? මේ වගේ, අසරණ වෙච්චි මව්වරුන් ඉන්නවා දුදරුවෝ එක්ක එයාලට ස්වයං රැකියා මගවල් හදා දෙන්න පුළුවන් නම් වටිනා දෙයක්. මේ සිය දිවි නසා ගැනීමත් දැන් ලංකාවේ වැඩිවෙලා. (ස)
ප්‍රේමදාස මහත්තයාගේ කාලයේත් මේ වගේ උතුම් වැඩක් පටන් ගත්තා වගේ මතකයි. නමුත් වැඩක් ආරම්භ කළා වගේ නෙමෙයි, එහි අවසානයේ ස්ථීරසාර විසදුමක් සාර්ථකත්වයක් සුබවාදී පැවැත්මක් ඒ තුල පැවතිය යුතුයි. (නි)
ප්‍රේමදාස මහත්තයාගේ කාලේ මේ වගේ උතුමි වැඩක් පටන් ගත්තා වාගේ මතකයි. නමුත් වැඩක් ආරම්භකලා වගේ නෙමෙයි එහි අවසානයේ ස්ථීරසාර විසදුමක් සාර්ථකත්වයක් සුබවාදී පැවැත්මක් ඒ තුල පැවතිය යුතුයි. නැතිනමි එය පුවත්පතට වාර්ථාවන්ට සහ පිංතුර රාමුවලට පමනක් සීමාවෙයි.(නදී).
පොඩිවුන් දන නමා වැඳවැටී ඉන්නා විට අයගේ තියෙන සංවරකම සිහිනෙකින්වත් නොසිතුනු පැහැබරඅනාගතයකට මුලපිරු ඔබවහන්සේ යම් දවසක මතු බුදු වේවි. ! (ස)
කෝ අපේ සේනාව? (නි)
හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්.අපි කවුරුත් උදව් කරමු.ආගමට හරවා ගත්තා කියන නරක නාමය නොඇසෙන්නට ප්‍රවේශමෙන් කටයුතු කිරීම හොදයි (නි)
සඳුනි, එහෙම හරවා ගැනීමක් සිදුවුවත් වරදක් වෙන්නේ නැහැ. කුමන ආගමකින් වුවත් මිනිසා යහ මග යැවීමයි සිදු කළ යුත්තේ. (නි)
අනේ පව් අසරණ දරුවෝ.(ස)
ඔබවහන්සේට තෙරුවන් සරණයි. මම දන්වනවා ඔබවහන්සේ මොනතරම් කැපවිමක් කරනවද කියලා අපි ඔක්කොම හැදුනේ ශ්‍රීලංකා මහපිරිවෙනේ මරදානේ ගොඩදෙනෙක් හමුදුරුවොරුන්ගේ වැරදී සොයනවා. අනිත් ආගමික ගොඩ දෙනෙක් අපට ගරහනවා. නමුත් අපි කිසිම බේදයක් නැතුව සැමට පිහිටවෙනවා. (ස)
සසර පුරා නිදුක් නිරෝගි බව ලැබෙනවා මෙම දරුවන්ට පිහිටවෙන කොයිකාටත්. (ස)
මේ කටයුත්ත අන්‍ය ආගමික නායකයෙක් කළොත් මොනවා කියයිද අපේ අයියලා? (නි)
අපිට හැකි අයුරින් උදව් කරමු මේ අසරණ දරුවනට නවාතැන් ගැනීමට නිවහනක් සාද ගන්න ...? අපේ ජනාදිපති තුමාටවත් පෙනේවිනම් ....? මේ දරුවන්ගේ දුක, රටට අනාගතේ හිරගෙවල් පිරෙනවට වඩා, උන් කුලී වැඩක් වත් හොයාගෙන ජීවත් වේවි මිනිස්කම තුරුළු කරන්, නැතිනම් උන් ලෝකයටම ශාප කරාවී....?(ස)
ශාසනය රකින මේ වගේ උතුම් අයත් ඉන්නවා, ශාසනය විනාශ කරන අයත් ඉන්නවා (නි)
පාසලක ආරම්භය සිර ගෙවල් කීපයක අවසානය වේ කියන්නේ නිකමටම නොවේ නේද? (ස)
මේ හැම දෙනාටම තෙරුවන් සරණයි. ! (ස)
දේශපාලකයන්ට කරන්න බැරි [කිරීමට කැමති නැති] දේ බොහොමයක් ආගමික නායකයන්ට කරන්න පුළුවන්. මෙම උතුම් කටයුත්තට සැමගේම සහය ලැබේවා. (නි)
ඔබවහන්සේගේ මෙම සත්කාර්යය සදහා දායක වීමටත්,එකතු වී සේවය කිරීමටත් කැමතියි. මා එයට ඇතුලත් වන්නේ කෙසේද? (නි)