බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග තුනකින් සමන්විත දෙදින ක‍්‍රිකට් තරගාවලියේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (24) ආරම්භ වූ දෙවැනි තරගයේදී වමතින් පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ලකුණු 48 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය.

යොවුන් පිතිකරු අෂාන් ප‍්‍රියංජන් පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලබාගත් අතර පන්දු 66 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 70 ක් ලබා සිටියදී දැවී ගියේය.

තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නරත කරන විට ජනක ගුණරත්න මෙහෙයෙවන පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 133 ක් ලබා සිටියේය.

සචිත‍්‍ර සේරසිංහ පළමුව පන්දුවට පහර දෙමින් පන්දු 118 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 78 ක් රැස් කිරීමට සමත් විය.

මෙම තරගයේ නායකයෝ ලෙස සචිත‍්‍ර සේරසිංහ සහ ජනක ගුණරත්න කටයුතු කරති.

සම්පූර්ණ ලකුණු පුවරුව
ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය
සචිත‍්‍ර සේරසිංහගේ කණ්ඩායම - පළමු ඉනිම
ඩිල්ෂාන් මුණවීර    කගබිගදැග මනීෂාන් පග පුෂ්පකුමාර    25    
පබසර වඩුගේ    ප. ප‍්‍රනාන්දු     1
රොෂේන් සිල්වා    ප. ඛාන්    18
ගිහාන් රූපසිංහ    ප. පුෂ්පකුමාර    18
සචිත‍්‍ර සේරසිංහ    ඇ. ලංකා ප. ප‍්‍රනාන්දු    78
දිල්හාර ලොකුහෙට්ටිගේ    ඇ. සහ ප. පුෂ්පකුමාර     9
මිලින්ද සිරිවර්ධන    ඇ. ප‍්‍රියන්ජන් ප. පුෂ්පකුමාර     8
නිරෝෂන් දික්වැල්ල    ප. පුෂ්පකුමාර     9
සීක්කුගේ ප‍්‍රසන්න    ඇ. මනීෂාන් ප. පුෂ්පකුමාර     3
ලහිරු ගමගේ    ක.මු.කළා ප. පුෂ්පකුමාර     0
දුෂ්මන්ත චමීර    නොදැවී    13
අතිරේක        16
එකතුව  ඕවර 51.2 කදී සියලූ දෙනා දැවී                                       198
කඩුලු වැටීම: 1-6, 2-56, 3-58, 4-77, 5-104, 6-134, 7-152, 8-160, 9-162, 10-198

පන්දුවට පහර නොදුන් පිතිකරු:
ගයාන් සිරිසෝම

පන්දු යැවීම:
කසුන් මදුෂංක : 10-0-44-0, විශ්ව ප‍්‍රනාන්දු : 8.2-0-41-2, ඉමිරාන් ඛාන් : 8-1-37-1, මලින්ද පුෂ්පකුමාර : 19-2-48-7, රමිත් රඹුක්වැල්ල : 5-1-18-0, ජනක ගුණරත්න : 1-0-01-0

ජනක ගුණරත්නගේ කණ්ඩායම - පළමු ඉනිම
අෂේන් සිල්වා    ක.මු.කළා ප. ලොකුහෙට්ටිගේ     4    
ෂෙහාන් ජයසුරිය    ප. ගමගේ     0
යශෝධ ලංකා    ඇ. දික්වැල්ල ප. ගමගේ     8
මාධව වර්ණපුර    නොදැවී    30
අශාන් ප‍්‍රියන්ජන්    ඇ. දික්වැල්ල ප. ගමගේ    70    
ජනක ගුණරත්න    නොදැවී     9    
අතිරේක        16
එකතුව  ඕවර 35 කදී කඩුලූ 4ක් දැවී                                     133
කඩුලු වැටීමථ 1-2, 2-17, 3-17, 4-114

පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයෝ :
ගයාන් මනීෂාන්, කසුන් මදුෂංක, විශ්ව ප‍්‍රනාන්දු, ඉමිරාන් ඛාන්, මලින්ද පුෂ්පකුමාර, රමිත් රඹුක්වැල්ල

පන්දු යවීම:
දිල්හාර ලොකුහෙට්ටිගේ : 7-2-10-1, ලහිරු ගමගේ : 8-2-18-3, දුෂ්මන්ත චමීර : 4-0-29-0, සීක්කුගේ ප‍්‍රසන්න : 7-1-34-0, ගයාන් සිරිසෝම : 9-1-34-0