ජුජාපිටිය ගල්කන්ද මාර්ගය පිළිසකර කර නොදීම සහ ගල්කන්ද විදුහල නාය යෑමේ තර්ජනය නිසා වසා දැමීමට විරෝධය පළ කරමින් ගමිවාසීහු ද ශිෂයෝ ද එක්ව අංකුඹුර පුජාපිටිය ප්‍රධාන මාර්ගයේ මල්වඩම් මීනී පෙට්ටි තබා උද්ඝෝෂණය කළහ.
නයා යෑම් වැළක්වීමට පිළියම් යොදා පාර සකස් නොකරතියි මොවුන්ගේ පවසති.
මේ විරෝධය නිසා දැඩි මාර්ග තද බදයක්ද ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙන් පස්සේ රට සංවර්ධනය වෙනවා කියලයි අපේ දේශපාකයින් කියන්නේ. කොහේ සංවර්ධනය කරන්නද මන්දා. (නදී)
මෙන්න සල්ලි වියදම් කරනවා නම් කරන්න ව්‍යාපෘති. (නි)
කෝ අර නයිට් ක්ලබ්වලින්, කැසිනෝ හල්වලින් ලැබෙනවා කියාපු ආදායම්? එහෙම දෙයක් ලැබෙනවා නම් බැරිද ඒවායින් කොටසක් වියදම් කරලා හෝ මේ දුවා, දරුවාගේ ජීවිතය පාදාදෙන්න??? (නි)
අනේ මේ අපේ හාමුදුරුවෝ නේද පාරේ සැතපිලා ඉන්නේ? හරිම දුෂ්කර ගමක් ගල්කන්ද කියන්නේ? ගල්කන්දේ සිට මොරන්කන්ද හරහා බොක්කාවලට පාර හදල දෙන්ට කියන්ට අපි නොගිය ඇමති කෙනෙක් ,මන්ත්‍රී කෙනෙක් නැහැ. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ පිලිබදව යොමු කරන්න. (නි)
අපි ආයෙත් මෙයාලටම ඡන්දය දෙමු. අහිංසක දරු පැටවු දැක්කම හරිම දුකයි.කොළඹ ඉස්කෝලයක් නම් මෙහෙම වහයිද? (නි)
පූංචි පවූල ශාපයක්.විශාල පවූල වාසනාවක්. (නි)
අනේ මෙහම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...? (නි)
මේ ස්වාමින් වහන්සේලා නිසා තමයි තවම අපේ රට රැකිල තියෙන්නෙ ඒ උනාට පාරෙ සෑතපුනාට අපේ දේශපාලුවන්ට රට ගෑන හෑඟීමක් නෑ.(ස)
ඡන්දේ අපි දැම්මත් නොදැම්මත් ඒවා දාගන්න විදිය එයාලා දන්නවා (නි)
මේ මිනිසුන්ට හරියට පාරක් නැතුව දුක් විඳිනවා. පාර හදලා දෙන්න සල්ලි නැත්නම් ගුවන් තොටුපොළක් හදලා දෙන්න. රට හැමතැනටම ගුවන් තොටුපොළවල් විතරයි අඩු. (නි)
චතුල ඔබේ කතාව හරියට හරි. (ස)
පොඩ්ඩක් පාරට බැහැල බලන්න මිනිස්සු වාහන පදින හැටි, කන්තෝරුවකටත් ගිහින් බලන්න, පාසැලකටත් ගිහින් අන්තිමට පාර්ලිමේන්තුවත් බලන්න. ඊට පස්සෙ අපි කතා කරමු මේ රැකිල තියන දේවල් මොනවද කියල..(ස)
මලින්ද හරි (නි)
කෝ සංවර්ධනය කරන අය කොහෙද ඉන්නේ ? (ස)
ඔය ළගපාත පන්සලක නිදන් එහෙම නැද්ද ? (නි)
ඇත්ත කුමුදු, සංවර්දනය කරන්න ඕනා අන්න ඔය වගේ අහිංසක මිනිසුන්ගේ පාරවල්. බලන්න දරුවන් කොච්චර දුක් විදිනවද කියලා. මේ දුක සුබෝපබෝගී කාමරවල ඉන්න අයට තෙරන්නේ නැතිද ?(නදී)