
(මනෝප්‍රිය ගුණසේකර)
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේය.
අල්ලස් පනත යටතෙත් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබු නඩුව කැඳවු අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතීඥවරු කළ ඉල්ලීම් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
නඩු කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිබත්ගොඩ වෙළඳුන්ගෙන් කප්පම් ගත්තු...., පොලිසියට හයිරන් පාට් දාලා කුඩු කාරයෝ බේරගත්තු, සමුර්දි නිලධාරියා ගස් බැඳපු, බලයේ හිටපු කාලේ ඔලුව උදුම්මාගෙන වැඩ කරපු කෙනෙක්. ආචාර්ය උපාධියකුත් දීලා තියෙන්නේ සේවයේ හොඳකමට වෙන්ඩැති?
අප්පච්චීගේ ආරක්ෂාව ඇතුව අප්පච්චිගේ අඩිපාරේ පියනැගූ බොහෝ අනුගාමිකයින් දැනන් හිටියේ නැහැ මේ අඩිපාර ඉවර වෙන්නේ වැලිකඩින් කියලා... දැන් ඉතිං අප්පච්චි එයි බත්ගෙඩියකුත් බැඳන් බොලාව බලන්න...