IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුම්බායි පිලට ලකුණු 58 ක ජයක්

අයි. පී. එල්. තරගාවලියේ 37 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (27 වැනිදා) මුම්බායිහිදී පැවති තරගයේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල පරදවා ලකුණු 58 ක පහසු ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ මුම්බායි පිලේ ආරම්භක පිතිකරු ඞ්වේන් ස්මිත් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 50 ක් රැස්කළේ පන්දු 36 කිනි.  ඕවර 2 ක් පමණක් යැවූ ස්මිත් ලකුණු 20 කට බැංගලෝර් පිලේ කඩුලූ 2 ක් දවාගැනීමටද සමත්විය.

මුම්බායි පිලේ රෝහිත් ශර්මා (10), දිනේෂ් කාර්තික් (42), අම්බටි රයිඩු (00) යන කී‍්‍රඩකයන් තිදෙනාම දුවද්දී දවා ගැනීම් වලට හසු කරගැනීමට බැංගලෝර් පිලේ පන්දු රකින්නෝ සමත්වූහ.

ධවාල් කුල්කර්නිගේ පන්දුවක් හමුවේ දැවීයන විට තිලකරත්න දිල්ෂාන් පන්දු 18 කදී රැස්කරගෙන තිබුනේ ලකුණු 13 ක් පමණි.

ලසිත් මාලිගට  ඕවර 4 ක් යවා ලකුණු 24 ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකිවිය.

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 194
(ඞ්වේන් ස්මිත් 50, සචින් ටෙන්ඩුල්කාර් 23, දිනේෂ් කාර්තික් 42, රෝහිත් ශර්මා 10, කිරන් පොලාර්ඞ් 34, හර්බජාන් සිං 16)  

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 136
(කි‍්‍රස් ගේල් 18, තිලකරත්න දිල්ෂාන් 13, සෞරව් තිවාරි 21, අරුන් කාර්තික් 12, රවී රාම්පාල් නොදැවී 22, විනේ කුමාර් 26, ධවාල් කුල්කර්නි 19/3, ඞ්වේන් ස්මිත් 20/2, හර්බජාන් සිං 21/2)  

(*)



අදහස් (0)

මුම්බායි පිලට ලකුණු 58 ක ජයක්

වසන්ත Sunday, 28 April 2013 10:30 AM

විකට් නැතත් මාලිංගගේ මුදල් හදල් පැත්ත යහපත්නේ. එදා මාලිංගට ගහපු අයට අද මොකද වෙලා තියෙන්නේ (නි)

:       0       0

යොහාන් Sunday, 28 April 2013 11:32 AM

සඳරුවන්-ඔවෙර් 4 ට ලකුණු 54 විකටි නැහැ.(නදී)

:       0       0

ශනිත් නුවන් Sunday, 28 April 2013 07:55 PM

මුම්බායි පිලට සුභ පැතුම්.(නදී)

:       0       0

යොහාන් Sunday, 28 April 2013 07:16 AM

කෝ අපේ කෙනාට ච්කට්? (නි)

:       0       0

සදරුවන් Sunday, 28 April 2013 07:24 AM

ගේල් හිතන්න ඇති මාලිංගටත් ගහන්න. ඒවා කොහෙද ඉතින් අපේ මාංලිග එක්ක? (නි)

:       0       0

සිරි Sunday, 28 April 2013 07:48 AM

ඇයි සඳරුවන් මතක නැද්ද ගිය පාර විස්සයි විස්ස ෆියිනල් මැච් එකේදී මාලිංගට බටහිර ඉන්දියානු ක්‍රීඩක මර්ලෝන් සැමුවෙල්ස් සැලකුව හැටි??? කොහෙද ඔයා ඉන්නේ?? අදහස් දාද්දි පොඩ්ඩක් හිතල දාන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site