IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්නාරම වෙඩි තැබීමේ සිද්ධියේ ව්‍යාපාරිකයා අල්ලයි

(ඉන්දිකා රාමනායක )

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති ව්‍යාපාරිකයා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

මන්නාරම තලේමන්නාරම පාරේ පිහිටි ඔහුට අයත් හෝටලයෙ කාමරයක සැඟව සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ ජීවත් බෝම්බයක් ද තිබූ බව පොලිසිය පවසයි. 

පසුගිය ජනවාරි මස 16 දින අධිකරණයට රැගෙන යමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් යතුරුපැදියෙන් පැමිණියේ දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පල ගොස් තිබුණි . 

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මන්නාරම කඳවුරේ රාජකාරී කරමින් සිටී යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු  සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. 

 

 

 



අදහස් (0)

මන්නාරම වෙඩි තැබීමේ සිද්ධියේ ව්‍යාපාරිකයා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site