IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මනම්පේරිගේ සහෝදරිය මානව කොමිසමට යයි

(සුජිත් හේවාජුලිගේ)

අයිස් අමුද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ  හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත

මිද්දෙණිය, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ ඉඩමක රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර පෙරේදා (06) දහවල් අත්අඩංගුවට ගෙන තිබිණ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තම සහෝදරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) අත්තනෝමතික ලෙස කටයුතු කළ බවයි.

එය දේශපාලන පළිගැනීමක් බවද  ඇය කීවාය

එමෙන්ම තම සහෝදරයාව අත්අඩංගුවට ගැනීමේදී එම නිලධාරීන් තම පවුලේ සාමාජිකයින්ට, අසභ්‍ය වචනවලින් බැන වදිමින් දැඩි අපහසුතාවයට පත් කළ බවද  ඇය චෝදනා කළාය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් තම දරුවන්ගේ මානසිකත්වයට බරපතළ හානි සිදුවී ඇති බවත්  මානසිකව වැටී සිටින තම දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත්  සඳහන් කළාය.



අදහස් (5)

මනම්පේරිගේ සහෝදරිය මානව කොමිසමට යයි

Pradeep Kumara Monday, 08 September 2025 04:06 PM

නිළධාරීන් බැන වැදීම තුළින් මානව හිමිකම් කඩ වුණා නම්, ඔය කියන අති භයංකර අයිස් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී තම ජීවිතය මෙන්ම තම පවුල් වල අයගේද ජීවිත විනාශ කර ගත් අයට මොකද වෙන්නේ. අනේ අම්මපා මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි. සහෝදරයා උපාසකයෙක් කියලා හිතාගෙන ඉන්න ඇත්තේ....

:       10       90

ravin Monday, 08 September 2025 04:50 PM

රටේ අනාගතය බාර ගැනීමට ඉන්න තරුණයින්ට මත්ද්‍රව්‍ය බෙදීම විතර මානව හිමිකමක් කොහේද නේද?

:       1       48

මැක්ස් Monday, 08 September 2025 04:54 PM

මෙම සිදුවීම, වරායෙන් පන්නපු කන්ටේනර් හරහා රට තුළට මත්ද්රව්‍ය ඇතුළු වී ඇති වගට ඇති චෝදනාවෙන් ගැලවීම සඳහාත්, තම ජාතික ලැයිස්තුවේ තබා ගෙන සිටි ඊබ්‍රාහිම්ගේ පුතුන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු වීම අමතක කරලීම සඳහාත් කරන ලද විජ්ජාවක් වන්නට ද පුලුවනි...

:       49       16

Deepthi Monday, 08 September 2025 05:06 PM

නිලධාරීන් අයුතු ලෙස හැසිරුනා නම් ඒ ගැන පැමිණිලි කිරීම විය යුත්තක්. නමුත් තමන්ගේ ළමයින්ට සදාකල් සමාජයට මුහුණ දෙන්න අපහසු කරන්නේ දෙමාපිය සහ නෑදෑ අයගේ කල්කිරියාව මිසක් නිලධාරීන්ගේ ක්‍රියාවන් නොවෙයි.

:       2       45

පොඩිඑකා Monday, 08 September 2025 05:09 PM

පව්, මේවා මේ මනුස්සයා කරන දෙයක් නොවෙයි. පොහොට්ටු කුඩ්ඩෝ මේ මනුස්සයාව පාවිච්චි කරනවා.

:       6       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 567 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17375 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site