IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය පැවැත්වීමට හිටපු සභාපතිවරයාගෙන් කී‍්‍රඩා ඇමතිට විරෝධතාවක්

මන්නාරම පාපන්දු ලීගයේ විරෝධය නොකතමින් එහි නිලවරණය (2013-15) පැවැත්වීට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගෙන ඇති තීරණය පිළිබඳව මන්නාරම පාපන්දු ලීගය කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එසේ වුවත් නිලවරණය යොදාගත් පරිදි හෙට (21) පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මන්නාරම පාපන්දු ලීගයට දැනුම්දී ඇතැයිද වාර්තා වේ.

පාපන්දු සම්මේලනයේ තීරණය අනුව මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය (2013-15) හෙට පෙරවරු 10.30ට මන්නාරම තරුණ කි‍්‍රස්තියානි ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම නිලවරණය කැඳවීමට පාපන්දු සම්මේලන ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් විරෝධතා ගොනුකළ එහි හිටපු සභාපති ඇන්ටන් පිගුරාඩෝ මහතාද යළිත් සභාපති ධුරය සඳහා නාමයෝජනා බාරදී තිබේ.

පාපන්දු සම්මේලනයේ ලේකම් ධුරයේද කලකට පෙර කටයුතු කළ මන්නාරම පාපන්දු ලීගයේ හිටපු ලේකම් ඇන්ටන් තංගේෂ්වරම් මහතාද මන්නාරම පාපන්දු ලීගයේ සභාපති ධුරය සඳහා මෙවර නාමයෝජනා බාරදී ඇතැයි වාර්තා වේ. පාපන්දු සම්මේලනයේ ඉල්ලීමක් පරිදි ඔහු අවසන් මොහොතේදී නාමයෝජනා බාරදී තිබෙන බවත් වාර්තා වේ.

මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ආරාවුලට හේතුවී ඇත්තේ එහි කී‍්‍රඩා සමාජ 8ක් සහභාගී කර ගනිමින් එහි එක් පාර්ශවයක් ‘මන්නාරම පාපන්දු ලීගය’ යනුවෙන් හඳුන්වා ගනිමින් නිලවරණය පැවැත්වීට කළ උත්සාහයක් බවද දැනගන්නට ඇත. එහිදී සභාපති ධුරයට පත්වූ බව කියන ඇන්ටනි දේවින්ද්‍රන් මහතා හෙට පැවැත්වෙන නිලවරණයේදී මන්නාරම පාපන්දු ලීගයේ ලේකම් ධුරයට නාමයෝජනා බාරදී තිබේ. 

කෙසේ වුවත් ව්‍යාජ මන්නාරම පාපන්දු ලීගයක් පිහිටුවා ඇතැයි කියමින් එහි සභාපති පිගුරාඩෝ මහතා පාපන්දු සම්මේලනයට පැමිණිලි කර තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොපවත්වමින් මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය කැඳවීමට පාපන්දු සම්මේලනය ගෙන තිබෙන තීරණයට ඔහු විරෝධය පළ කර සිටී.  

මන්නාරම පාපන්දු ලීගයේ සභාපති ධුරය දරමින් සිටියදී තමන්ට නොදන්වා නිලවරණය කැඳවීමත් තමන්ගේ පැමිණිල්ල ගැන විභාගයක් කිරීමට උනන්දු නොවීමත් ගැන ඔහු දැඩි ලෙස පාපන්දු සම්මේලනයට විරෝධය පළකළ බවද මන්නාරම පාපන්දු ලීග ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යාජ පාපන්දු ලීගයක් මන්නාරමේ පිහිටුවීමට ගත් බව කියන උත්සාහය ගැන මන්නාරම පාපන්දු ලීගය මන්නාරම දිසාපති සරත් රවීන්ද්‍ර මහතාට ලිඛිතව පැමිණිලි කර තිබෙන අතර එහිදී අර්බුදයට මැදිවී සිටින දෙපාර්ශවය කැඳවා සාකච්ඡ කිරීමට ගත් උත්සාහයද එක් පාර්ශවයක් නොපැමිණීමෙන් අසාර්ථක වූ බවට තොරතුරු හෙලිවේ.
එයින් පසු මන්නාරම දිසාපතිවරයා ඒ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ අවධානය යොමුකර සිටි බවද වාර්තා වේ.

මන්නාරම පාපන්දු ලීගයේ හිටපු සභාපතිවරයාගේ පැමිණිල්ලට අනුව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පාපන්දු සම්මේලනයෙන් කරුණු විමසීමක් කරතිබේ. මන්නාරම පාපන්දු ලීගයේ කී‍්‍රඩා සමාජ ගණන 21 කි. ඉන් 18 ක් හෙට නිලවරණයට සහභාගී වන බවද වාර්තා වේ.

 



අදහස් (0)

මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය පැවැත්වීමට හිටපු සභාපතිවරයාගෙන් කී‍්‍රඩා ඇමතිට විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site